අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

ක්‍රීඩා

එක්දින තරඟාවලිය සාර්ථක ලෙස නිම කිරීම

එක්දින තරඟාවලිය සාර්ථක ලෙස නිම කිරීම

(හේමන්ත තුසිත කුමාර) ශ්‍රී ලංකාව හෝ දකුණු අප්‍රිකාව යන ක්‍රිකට් කණ්ඩායම් දෙකෙන් කිසිදු කණ්ඩායමක් පසුගිය වසර එකහමාර ඇතුලත දී එක්දින තරඟාවලියක් ජයග්‍රහණය කර නැත. වර්ෂාව හේතුවෙන් හෝ අද(07) පැවැත්වෙන…

(හේමන්ත තුසිත කුමාර)

ශ්‍රී ලංකාව හෝ දකුණු අප්‍රිකාව යන ක්‍රිකට් කණ්ඩායම් දෙකෙන් කිසිදු කණ්ඩායමක් පසුගිය වසර එකහමාර ඇතුලත දී  එක්දින තරඟාවලියක් ජයග්‍රහණය කර නැත. වර්ෂාව හේතුවෙන් හෝ අද(07) පැවැත්වෙන තරඟය ජය පරාජයෙන් තොරව නිමාවට පත් නොවුවහොත් කණ්ඩායම් දෙකෙන් එක් කණ්ඩායමක තරඟාවලි ජයග්‍රහණ ඉඩෝරය නිමා වනු ඇත.

අද තරඟය ජයගන්නා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ලකණු සටහනේ ලකුණු 10ක් ලැබී 5වන ස්ථානයට පැමිණීමට හැකියාව ඇත. එම ලකුණු සටහනේ මේ මොහොත වන විට දකුණු අප්‍රිකාව 8 වන තැනත් ශ්‍රී ලංකාව 9 වන තැනත් අත් පත් කරගෙන ඇත.

මෙතෙක් පැවති තරඟ දෙකේම දකුණු අප්‍රිකාවේ මුල් පෙළ පිතිකරුවන් ඉතා සාර්ථක විය. ශ්‍රී ලංකාවේ මුල් පෙළ පිතිකරුවන් දෙවන තරඟයේදී අසාර්ථක වුවත් තරඟ දෙකේදීම චරිත් අසලංක සාර්ථක පිතිකරුවෙක් විය. තුන්වන තරඟයේදී චරිත් අසලංක පිළිබඳව දකුණු අප්‍රිකානුවන් වැඩි උනන්දුවකින් පසු වනු ඇත.එමෙන්ම ශාම්සිට දෙවන තරඟයේදී කඩුලු 5ක් පූජා කිරීමද දෙවන තරගය පරාජයට ප්‍රබල හේතුවක් විය.

තුන්වන හා අවසාන එක්දින තරඟයේ ජයග්‍රහණය ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා මුල් පෙළ පිතිකරණ සාර්ථකත්වය හා දකුණු අප්‍රිකානු මුල් පෙළ පිතිකරුවන් ඉක්මනින් දවා ගැනීමට උපක්‍රම යෙදීම අත්‍යවශ්‍ය කරුණක් වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න