එක්දරු මවක් මුහුදේ ගිලි මරුට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

හලාවත මුහුදු වෙරළ පාගමින් සිටි කාන්තාවක් අද (01) පස්වරුවේ මුහුදෙහි ගිලි මියගොස් ඇති බව හලාවත පොලිසිය ප්‍රකාශ කරයි. මෙසේ මිය ගොස් ඇත්තේ 33 හැවිරිදි වාරියපොල බමුණාකොටුව ගිණිමාන ප්‍රදේශයේ විසු…
හලාවත මුහුදු වෙරළ පාගමින් සිටි කාන්තාවක් අද (01) පස්වරුවේ මුහුදෙහි ගිලි මියගොස් ඇති බව හලාවත පොලිසිය ප්‍රකාශ කරයි.
මෙසේ මිය ගොස් ඇත්තේ 33 හැවිරිදි වාරියපොල බමුණාකොටුව ගිණිමාන ප්‍රදේශයේ විසු එම්.එම්.ටි.කෙසෙල්හේන නමැති එක්රු දරු මවක් වන එම දරුවාගේ වයස අවුරුදු 7කි.
මිය කාන්තාව හා තවත් පිරිසක් සමග අද (01) දහවල් හලාවත මුන්නේශ්වරම දේවාලය වැඳ පුදා ගැනීමට පැමිණ ඇති අතර දිවා ආහාරය ගෙන විනෝද විම සඳහා හලාවත මුහුදු වෙරළට පැමිණ තිබේ.
මෙම පිරිස පස්වරු 2 ට පමණ රැල්ල පාගමින් සිට ඇති අතර හදිසියේ ආ මාරියාවකට හසුව මියගිය අය ඈතට ගසාගෙන ගොස් තිබේ. මේ අවස්ථාවේ දි මුහුදෙහි ගිලුණු ඇය බේරා ගැනීමට උත්සහ කළත් එය අසාර්ථක වි ඇති අතර එම අවස්තාවේ දි එහි සිටි ධීවරයන් සිව් දෙනෙකු මුහුදට ගොස් ඇයබේරා ගැනීමට බලවත් පරිශ්‍රයක් යොදා ඇයව ගොඩගත් නමුත් ඒ වන විටත් ඇය මිය ගොස් සිට ඇත.
මූහුදෙහි අනතුරුදායක තත්ත්වයක් ඇති බැවින් වෙරළෙහි රැළි පෑගිමේ දි ප්‍රවේශම් වන ලෙසට දැන්විම් පුවරු සවි කර ඇති අතර ඒවා ගණන් නොගෙන රැළි පෑගීමට ගිය නිසා මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි. මෙම සිද්ධිය වන අවස්ථාවේ දි වෙරළෙහි පන්දහසකට ආසන්න පිරිසක් රැල්ල පාගමින් සිටි ඇත.
මේ වන විට මෘත ශරීරය හලාවත රෝහලෙහි තැන්පත් කර ඇති අතර හලාවත පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1