අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

එකම වරඳ කළ දේශපාලන තක්කඩි දෙන්නෙක්..!

එකම වරඳ කළ දේශපාලන තක්කඩි දෙන්නෙක්..!

බැක්ටීරියා විස සහිත,වමනය පාලනය කිරීම සඳහා ලබා දෙන Ondesterone Injection එන්න ලබාදීමෙන් පසු සිදුව ඇති ප්‍රශ්න සහගත රෝගී මරණ සම්බන්ධයෙන් සහ කළුතර ගල්ලැස්ස මාතෘ රෝහලේදී ගර්භනී මවක් සිසේරියන් සැත්කම…

බැක්ටීරියා විස සහිත,වමනය පාලනය කිරීම සඳහා ලබා දෙන Ondesterone Injection එන්න ලබාදීමෙන් පසු සිදුව ඇති ප්‍රශ්න සහගත රෝගී මරණ සම්බන්ධයෙන් සහ කළුතර ගල්ලැස්ස මාතෘ රෝහලේදී ගර්භනී මවක් සිසේරියන් සැත්කම අතරතුර ලබා දෙන ලද ප්‍රතිජීවක ඖෂධයක් ආසාත්මිකවීම මත මිය යාම යන සිදුවීම්ද,එකම සමාගමකින් ගෙන්නන ලද ඖෂධ දහයකට වැඩි ප්‍රමාණයක් එකවර ඖෂධ නියාමන අධිකාරිය මගින් භාවිතාවෙන් ඉවත් කිරීමට ගන්නා ලද තීරණයත් පදනම් අදාළ සම්පූර්ණ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ විමර්ශන පරීක්ෂණයක් සිදු කරන ලෙසට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාරදී ඇත.

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ පාලන කාලයේදී හිටපු ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා විසින් නිසි ලියාපදිංචියෙන් තොරව ඖෂධ ගෙන්වන ලද අන්දමටම, වර්තමාන ඖෂධ නියාමන අධිකාරිය හා වර්තමාන රාජ්‍ය ඖෂධ සංස්ථාව නිසි පරිදි අනුගමනය කළ යුතු පූර්ව හා ඖෂධ රෝහලට බෙදාදීමෙන් පසුව අහඹු ලෙස සාම්පල පරික්ෂා කිරීම් මෙන්ම එම එන්නත් කුප්පි තුළට බැක්ටීරියා මිස ඇතුළත් වීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන්ද මේ අන්දමට දිගින් දිගටම ඖෂධ බාල වීමට හේතුවන සමාගම් හරහා ඖෂධ ප්‍රසම්පාදනය,

තාක්ෂණික කමිටු ඇගයීම,ඖෂධ තොග ඇස්තමේන්තු කිරීම,එම ඖෂධ තොග සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අනුමත කිරීම, සම්පූර්ණයෙන් භාවිතයෙන් ඉවත් කරන ඖෂධ නැවත වරක් භාවිතා කරන ලෙසට වරින් වර චක්‍රලේඛ නිකුත් කිරීම ඇතුළු නොසැලිකිළිමත් ක්‍රියා රැසක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ලෙන් අවධාරණය කොට ඇත.

දැන්වීම

අතර වීදුරු කැබිලි තිබීම නිසා සම්පූර්ණයෙන්ම භාවිතාවෙන් ඉවත් කරන ලද කල් ඉකුත් වූ ප්‍රතිජීවක ඖෂධයක් යළි භාවිතා කිරීමට ඖෂධ නියාමන අධිකාරිය උපදෙස් දීම සම්බන්ධයෙන් ද මෙම විමර්ශනයේදී අවධානයට ලක් කරන ලෙස එම පැමිණිල්ල මගින් ඉල්ලා ඇත.

මෙවැනි ක්‍රියා හරහා වර්තමාන ඖෂධ නියාමන අධිකාරිය හා සෞඛ්‍ය අමාත්‍යාංශය කෙරෙහි මහජන විශ්වාසය කඩවන බැවින්ද මේ සෞඛ්‍ය පද්ධතියේ කඩා වැටීම සම්බන්ධයෙන් තමන් විසින් මීට පෙර දිගින් දිගටම පෙන්වා දෙන ලද කරුණු නොසලකා හැරීම හරහා මනුෂ්‍ය ඝාතන සිදුවීම සාපරාදී අපරාධයක් බව ද එම පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත.

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රබුක්වැල්ල අමාත්‍යවරයාට හා ඖෂධ නියාමන අධිකාරියේ ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ට විරුද්ධව කටයුතු කළ අන්දමටම කඩිනමින් විමර්ශනයක් සිදුකොට වගකීම් නීතිය හමුවට පැමිණවීමට කටයුතු කරන ලෙස වෛද්‍ය චමල් සංජීය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන් ඉල්ලා සිටියි.

මීට සමගාමී ලෙස මෙහිදී සිදුවී ඇති බරපතල ආර්ථික අලාභය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසත් වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙසට අල්ලස් කොමිසම හමුවේද පැමිණිල්ලක් ගොනුකොට ඇත.

පුවතක්.

■ රටේ රාළගේ සටහන.

කෙහෙලිය සෞඛ්‍ය ඇමති විදිහට ඉන්න කාලේ බාල බෙහෙත් ගෙනානු වෙල් නලින්ද ජයතිස්ස කරපු ප්‍රකාශයේ වීඩියෝ පටිය මේ දිනවල අන්තර්ජාලයේ සුලභ දෙයක්.

එතනදී නලින්ද කියන්නේ.අනුරට බාල බෙහෙත් ගෙන ඒමට සෞඛ්‍ය ඇමතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වගකියන්න ඕනි කියලයි.

ඇත්තටම කෙහෙලියට එරෙහිව පරීක්‍ෂණ ක්‍රියාත්මක උනේ ඒ පදනමේ සිටයි.

දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට මේ පැමිණිල්ල ඉදිරිපත් කරලා තියනවා.

තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම මේවා යට ගහන්න උත්සහ කලොත්

ජනතාවගේ බදු මුදලින් නඩත්තු වෙන ඒ ආයතන ගැන ජනතාව ඉවසයිද?

කෙහෙලිය එරෙහිව නීතිය ක්‍රියාත්මක උන විදිහටම නලින්දටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

- RRMC -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න