අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

උසස් පෙළ සිසුන් බිල්ලට දෙනු එපා

උසස් පෙළ සිසුන් බිල්ලට දෙනු එපා

අපොස උසස් පෙළ (2023) විභාගය නියමිත දිනයට පෙර පැවැත්වීම එම සිසු දරුවන්ගේ මානව හිමිකම් අමු අමුවේ වළලා දැමීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. විභාග…

අපොස උසස් පෙළ (2023) විභාගය නියමිත දිනයට පෙර පැවැත්වීම එම සිසු දරුවන්ගේ මානව හිමිකම් අමු අමුවේ වළලා  දැමීමක් බව  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 

විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය සිසුන්ගේ අයිතිවාසිකම් සහ ප්‍රායෝගික තත්ත්වයන් නොසලකා හරිමින් ඉතා අසාධාරණ ලෙස  ඔවුන්ගේ අනාගත ජීවිතයට අහිත කර බලපෑම් එල්ල වන අයුරින් කාල සටහන් සකස් කිරීමේ ම්ලේච්ඡ අරමුණක නිරතව සිටින බවට චෝදනා කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රට අසීරු තත්ත්වයට ඇද දැමූ පාලකයන්ට   වැදගත්ම අධ්‍යයන වර්ෂයේ පාසල් යෑමට තිබූ දින ගණන සීමා කිරීමෙන් ඇති වූ පාඩුව එම දරුවන් පිට හෝ ගුරුවරුන් පිට පැටවීමට කිසිම සදාචාරාත්මක අයිතියක් නැතැයිද  කියා සිටියි.

මේ තීරණය හේතුවෙන් සිසු දරුවන් විශාල පිරිසක් දැඩි මානසික පීඩාවකට ලක්ව සිටින බව පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා සිසු දරුවන්ගේ අනාගත ජීවිතයට අහිත කර බලපෑම් එල්ල වන අයුරින් කාල සටහන් සකස් කිරීමේ ම්ලේච්ඡ ක්‍රියාවලිය වහාම නතර කළ යුතු යැයි ද අවධාරණය කර සිටියි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
උසස් පෙළ සිසුන් බිල්ලට දෙනු එපා | Lanka Newsweek