උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග කල් යයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) අපොස උසස් පෙළ විභාගය සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සැලසුම් කළ දිනවල පැවැත්විය නොහැකි බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. රාජ්‍ය අමාත්‍ය සුසිල්…
(හේමන්ත තුසිත කුමාර)
අපොස උසස් පෙළ විභාගය සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සැලසුම් කළ දිනවල පැවැත්විය නොහැකි බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව කියා සිටියේ බ්‍රහස්පතින්දා(07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් වන අතර එම විභාග පවත්වන දින පසුව දැනුම්දෙන බව ද ඒ මහතා සඳහන් කළේ ය.
මෙලෙස විභාග පවත්වන දින කල් දැමීමට හේතුව ලෙස ඔහු දක්වා ඇත්තේ කොවිඩ් වසංගතය මත පාසල් වසා දැමීම සහ ගුරු වර්ජනය හේතුවෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වයයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1