උඳු -රටකජු ගෙන්වීමත් අත්හිටුවයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

උඳු සහ රටකජු ආනයනය ද ලබන වසරේ සිට තහනම් කිරීමට රජය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටියේ, බඩ ඉරිඟු සහ මුං ඇට ඇතුළු ධාන්‍ය වර්ග රැසක් සඳහා දැනට…
උඳු සහ රටකජු ආනයනය ද ලබන වසරේ සිට තහනම් කිරීමට රජය තීරණය කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටියේ, බඩ ඉරිඟු සහ මුං ඇට ඇතුළු ධාන්‍ය වර්ග රැසක් සඳහා දැනට පවතින බදු මිල ලබන වසරේ සිට දෙගුණ කිරීමට රජය සැලසුම් කර ඇති බවයි.
තවද දේශීය ආහාර බෝග ප්‍රවර්ධනය සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව ද ඔහු පැවසී ය.
මේ දැනට උඳු සහ රටකජු ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කර තිබුනද ලබන වසරේ සිට මේ සඳහා බලපත්‍ර නිකුත් නොකරන බවද අමාත්‍යවරයා තවදුරටත් පැවසිය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1