අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

උදයංග වීරතුංග යළි දිවයිනට ..?

උදයංග වීරතුංග යළි දිවයිනට ..?

(නිලන්ති චන්ද්‍රසේන) රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මිග් යානා ගනුදෙනුවට අදාළ නඩුවට පෙනී සිටීම සඳහා මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව ඔහු වෙනුවෙන් මෙම නඩුවට පෙනී සිටි ජනාධිපති…

(නිලන්ති චන්ද්‍රසේන)

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මිග් යානා ගනුදෙනුවට අදාළ නඩුවට පෙනී සිටීම සඳහා මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව ඔහු වෙනුවෙන් මෙම නඩුවට  පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා අද (29) අධිකරණයට දැන්වුවේ ය.

ඒ, කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී ය.

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මේ වන විට අද්මාන් ප්‍රාන්ත බන්ධනාගාරයේ  උදයංග වීරතුංග මහතා රඳවා  ගෙන සිටි.

එබැවින් ඔහු මෙරටට මෙම නඩුව වෙනුවෙන්  පැමිණෙන්නේ නම් මෙරට නිලධාරීන් ගොස් ඔහු රැගෙන  පැමිණිය යුතු බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ ය.

මිට අමතරව  මිග් යානා ගනුදෙනුවට සැක සහිත ලෙස මැදිහත් වූ බව කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකුට හිමි  වාණිජ බැංකු 7ක පවත්වාගෙන යන බැංකු ගිණුම් 40ක් පරීක්ෂා කිරීම සඳහා අධිකරණය අද  (29) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අවසර ලබා දී තිබේ.

තව ද මහ බැංකුව විසින් උදයංග වීරතුංග මහතාට අයත් බැංකු ගිණුම් තහනම්කර තිබියදීත් ඊට දින 07කට  පසු  මෙරට වාණිජ බැංකුවක ඔහු විසින් පවත්වා ගෙන ගිය ගිණුමකින් රුපියල් තුන්කෝටි 57 ලක්ෂයක මුදලක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගිණුමක් වෙත යවා ඇති බව ද අධිකරණයේදී අනාවරණය විය.

අධිකරණ නියෝගයක් ලබා දී තිබියදී මෙලෙස  මුදල් යවා ඇත්තේ කෙසේදැයි සොයා විමර්ශනයක් ආරම්භ කරඇති බවද නීතිපති දෙපාර්තමේන්තුවඑහිදී සඳහන් කර සිටියාය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
උදයංග වීරතුංග යළි දිවයිනට ..? | Lanka Newsweek