අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

උතුරු කොරියානු නායකයා දකුණට පා තබයි

උතුරු කොරියානු නායකයා දකුණට පා තබයි

1953 වසරේ කොරියානු යුද්ධය අවසන් වීමෙන් පසු කොරියානු අර්ධද්වීපය බෙදා වෙන් කෙරුණු හමුදා සීමාවෙන් ඔබ්බට ගොස් දකුණු කොරියානු භූමිය මත පා තැබූ පළමු උතුරු කොරියානු නායකයා ලෙස කිම් ජොන්ග් අන් ඉතිහාස ගත විය.…

1953 වසරේ කොරියානු යුද්ධය අවසන් වීමෙන් පසු කොරියානු අර්ධද්වීපය බෙදා වෙන් කෙරුණු හමුදා සීමාවෙන් ඔබ්බට ගොස් දකුණු කොරියානු භූමිය මත පා තැබූ පළමු උතුරු කොරියානු නායකයා ලෙස කිම් ජොන්ග් අන් ඉතිහාස ගත විය.

සාකච්ඡා ආරම්භ වීමට පෙර දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් ග්‍රිනිච් වේලාවෙන් උදෑසන 09.30 ට උතුරු කොරියානු නායකයා හමු වූයේ දෙරට අතර ඇති දේශසීමාවේදීය.

දෙරටේ නායකයන් දෙපල සාකච්ඡා පැවැත්වෙන ස්ථානය පිහිටි යුද මුක්ත කලාපය බලා යමින් සිටියහ.

සිය න්‍යෂ්ටික අවි අත්හැර දැමීමේ සූදානමක් පැවතිය හැකි බව උතුරු කොරියාව කළ ඉඟි කිරීම ඓතිහාසික සාකච්ඡාවේ අවධානයට ලක් වනු ඇත.

යුද මුක්ත කලාපයේ පිහිටි දේශ සීමාව දෙපසදී අතට අත දෙමින් නායකයන් දෙපල එකිනෙකා පිළිගත්හ.

Screengrab of Reuters feed of Kim Jong-un and Moon Jae-in walking on the red carpet to Peace House

අනපේක්ෂිත ලෙස සුළු මොහොතකට දකුණු කොරියානු ජනාධිපතිවරයා උතුරු කොරියානු දේශසීමාව වෙත පය තැබීය.

"ඔබ හමුවීම ගැන මට සතුටුයි" යනුවෙන් ජනාධිපති මූන් නායක කිම් වෙත පැවසූ බව ඒඑෆ්පී පුවත් සේවය වාර්තා කළේය.

තමන් විසින් සියලුම මිසයිල අත්හදාබැලීම් අත්හිටුවනු ලද බව උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන් අප්‍රේල් 21 වෙනිදා පැවසීය.

People wave South Korean flags as a convoy transporting South Korean President Moon Jae-in leaves the Presidential Blue House for the inter-Korean summit in Seoul, South Korea, April 27, 2018

දේශසීමාව වෙත යන දකුණු කොරියානු ජනාධිපතිවරයා රැගත් රිය පෙළ

ජාත්‍යන්තර ප්‍රජාව පුදුමයට පත් කරමින් සෘජු සාකච්ඡාවක් සඳහා උතුරු කොරියාව පසුගිය මාසයේදී කළ ආරාධනය ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පිළිගත්තේය.

ජුනි මාසය ආරම්භයේ දී හෝ "ඊට ටික කලකට පෙර" සාකච්ඡා පැවැත්වෙනු ඇති බව ජනපති ට්‍රම්ප් පැවසීය.

සාකච්ඡා පැවැත්වීම සඳහා ස්ථාන කීපයක් සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත.

උතුරු සහ දකුණු කොරියානු රටවල් දෙක අතර පිහිටි යුද මුක්ත කලාපයේ හෝ, වෙනත් ආසියානු රටක හෝ මධ්‍යස්ථ යුරෝපා රටකදී එම හමුව පැවැත්වෙනු ඇති බවට ප්‍රවීණයෝ මත පල කරති.

(BBC සිංහල සේවය)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
උතුරු කොරියානු නායකයා දකුණට පා තබයි | Lanka Newsweek