උත්සව සමයේ බඩු මිල අඩු කර ගැනීම සඳහා පාඨලී චම්පික වෙළෙඳ ප්‍රජාව හමු වෙයි

බී ළූණු සහ අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයෙන් අයුතු ලාභ ලැබීමක් සිදුව ඇති බවට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේ දෙවෙනි වාර්තාව මගින් හෙළිදරව් වී තිබේ. අත්‍යවශ්‍ය පාරිභෝගික…
බී ළූණු සහ අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයෙන් අයුතු ලාභ ලැබීමක් සිදුව ඇති බවට පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේ දෙවෙනි වාර්තාව මගින් හෙළිදරව් වී තිබේ.
අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනයෙන් ව්‍යාපාරිකයන් ලබා ගන්නා අයුතු ලාභය සහ බදු රජයට අය කර ගෙන එම මුදලින් ජනතාවට සහනදායී මිලකට අත්‍යවශ්‍ය ආහාර ලබා දීම සඳහා ක්‍රියා කිරීම රජයේ වගකීමකි.
ආනයනික ආහාර ද්‍රව්‍යවල ආනයනික වටිනාකම සහ වෙළෙඳ පොළ මිල පිළිබඳ "Digital" පුවරු සහ "Web" අඩවි හරහා පාරිභෝගිකයින් දැනුම්වත් කිරීම සහ රජයේ ප්‍රතිපත්ති තීරණවලින් පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ සැලසෙන පරිදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල නියාමනය කිරීම අත්‍යවශ්‍ය ය.
දැන්වීම
උත්සව සමයේ දී පාරිභෝගික ගසා කෑම් උපරිමයට ළඟා වීමේ අවදානම වළක්වා ගැනීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය මැදිහත් විය යුතුය.
මේ සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාව දැනුම්වත් කිරීම සහ වෙළෙඳ පොළ විමසුමක් සිදු කිරීම සඳහා ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති සහ එක්සත් ජන රජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹ, පිටකොටුව තොග වෙළෙඳපොළ පරිශ්‍රයේ සංචාරයක ද නිරත විය.
එහිදී වෙළෙඳ ප්‍රජාව හමු වී සුහද සාකච්ඡාවක නිරත වූ පාඨලී චම්පික රණවක මහතා සිංහල, දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ගේ වැදගත් උත්සව අවස්ථා එළඹෙන උත්සව සමයට පෙර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු කිරීම සඳහා ගත හැකි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.