උත්සව සමයට රජයෙන් සහන මල්ලක්

(සුජිත් මංගල ද සිල්වා ) එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් ජීවන වියදම පාලනය කිරීමේ ක්‍රමවේදයක් වශයෙන් පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් "සහන මිල වෙළඳසැල්" (Fair Price Shops) ඇති කිරීමට රජය තීරණය කර තිබේ.…
(සුජිත් මංගල ද සිල්වා )
එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් ජීවන වියදම පාලනය කිරීමේ ක්‍රමවේදයක් වශයෙන් පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් "සහන මිල වෙළඳසැල්" (Fair Price Shops) ඇති කිරීමට රජය තීරණය කර තිබේ.
එමගින් සහල්, පරිප්පු, සීනි, හාල්මැස්සන්, ළූණු, අර්තාපල් සහා ටින් මාලූ ඇතුලූ අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 8ක් ඇතුළත් සහන මල්ලක් (Budget Pack) වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමට නියමිතය.
දැන්වීම
රජය මේ තීරණයට එළැඹ තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී ය. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ පවතී මේ සාකච්ඡාවට මුදල් මංගල සමරවීර, වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් ද අදාළ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින් පිරිසක ද ද සහභාගී වූහ.
මේ වන විට වෙළඳපොලෙහි මිල ඉහළ ගොස් ඇති අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක්, සාමාන්‍ය වෙළෙඳපොළ මිල යාන්ත්‍රණයෙන් පරිබාහිරව, එහි පිරිවැයට අනුව සහන මිලක් යටතේ සාමාන්‍ය ජනතාවට ලබා දීමේ ක්‍රමවේදයක් වශයෙන් රජය මෙම පියවර ගෙන ඇත.
පෞද්ගලික සුපිරි වෙළෙදසැල් ජාලය සහා ලංකා සතොස අලෙවි සැල් මගින් එම සහන මල්ල පාරිභෝගිකයන්ට ලබා ගැනීමට හැකි වන පරිදි බෙදා හැරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට ද අපේක්ෂිතය.
මෙම යාන්ත්‍රණය ඔස්සේ භාණ්ඩ සැපයීම, භාණ්ඩ ප්‍රවාහනය සහා අලෙවිය සඳහා සම්බන්ධ වන සියලූම පෞද්ගලික සහා රාජ්‍ය වෙළෙඳ ආයතන සඳහා සහනදායි විදුලි ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමටත් විශේෂ ආදායම් බදු සහන ලබාදීමටත් රජය තීරණය කරන ලදී.
ලංකා සතොස, කාගීල්ස් ෆුඩ් සිටි ආයතනය, ලාෆ්ස් සමාගම, රිචඩ් පීරිස් සමාගම, ජෝන් කීල්ස් සමාගම සහා වික්‍රමරත්න පෞද්ගලික සමාගම වැනි ප්රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් හා ආයතන මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වීමට මේ වන විටත් එකඟතාවය පළ කර ඇත.