අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

උණුසුම් කාලගුණය තවත් ඉහළට..!

උණුසුම් කාලගුණය තවත් ඉහළට..!

ශ්‍රී ලංකාවට ඉහළින් සූර්යයා මුදුන් වීම අද (5) දින සිට ආරම්භ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සුර්යයා මෙලෙස දිවයිනට මුදුනින් ගමන් කිරීම ලබන ලබන 15 වන දා දක්වා සිදුවන බව කාලගුණ විද්‍යා…

ශ්‍රී ලංකාවට  ඉහළින් සූර්යයා මුදුන් වීම අද (5) දින  සිට ආරම්භ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සුර්යයා මෙලෙස දිවයිනට මුදුනින් ගමන් කිරීම ලබන ලබන 15 වන දා දක්වා සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තවද අද දිනයේදී දහවල් 12.12ට දකුණු පළාතේ මාතර දිස්ත‍්‍රික්කයේ දික්වැල්ල, කැකනදුර, කොටවිල, මිදිගම යන ප‍්‍රදේශයන්ට සුර්යයා මුදුන්ව පවතින අතර එම හේතුවෙන් දිවයින්නේ දැනට පවතින උණුසුම් තත්ත්වය තවදුරටත් ඉහල යා හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වුවත් අද දින සිට  සිට සවස් කාලයේ වැසි තත්ත්වයේ වර්ධනයක් ද අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කර සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
උණුසුම් කාලගුණය තවත් ඉහළට..! | Lanka Newsweek