අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

උච්ච හඬ නිසා හුදකලා වූ The 52 Hz Whale

උච්ච හඬ නිසා හුදකලා වූ The 52 Hz Whale

ඔහු තමයි උතුරු පැසිෆික් සාගරයේ නොනවතින ගීත ගයන්නා,, ඔහු ගයනා මේ එකම ගීතය දශක දෙකකටත් වැඩි කාලයක් නොනවත්තවා අදටත් සාගර රැළි වලට යටින් දෝංකාර දෙනවා,, අවුරුදු විස්සක් පුරා පැසිෆික් සාගරය පුරා ගැයෙන මේ…

ඔහු තමයි උතුරු පැසිෆික් සාගරයේ නොනවතින ගීත ගයන්නා,,

ඔහු ගයනා මේ එකම ගීතය දශක දෙකකටත් වැඩි කාලයක් නොනවත්තවා අදටත් සාගර රැළි වලට යටින් දෝංකාර දෙනවා,,

අවුරුදු විස්සක් පුරා පැසිෆික් සාගරය පුරා ගැයෙන මේ ගීතය ඔහු ගයන්නේ ඇයටයි ,,,

දැන්වීම

ඔහූගේ මේ ගීතය හුදෙක් ගීතයක්ම නොවුවා ,,

එය ආරාධනයක්,,

එම ආරාධනයට පිළිතුරක් ලැබෙන දිනක් ගැන ,

මේ ගීය ගයන්න පටන් ගත් දා සිටම ඔහු සිහින දකිනවා,,

ඒ ඇස් අදටත් බලාපොරොත්තුවක් සමග බලන් ඉන්නවා,,

දශක දෙකකට වැඩි කලක් මේ ගීය නොනවත්වා ගයන්නට ඔහුට ශක්තිය දුන්නෙ ඒ බලාපොරොත්තුවයි,,

නමුත් අදටත් ඒ ආරධනයට පිළිතුරක් නම් ඔහුට ලැබුනේ නෑ,,,

කව්රුත් ඔහුගේ හඩට සවන් දුන්නෙ නෑ,,

ඉමක් කොනක් නොපෙනෙන පැසිෆික් සාගරයේ ඔහු තනි වෙලා,,

හැමදාමත් හිරු නැගෙනවා හිරු බැස යනවා,,

නොනවත්වා රැළි නැගෙනවා,,

ඒ අතර නොනවත්වා එකම ස්වරයෙන් ඔහු ගයනවා,මහා සාගරයේ ඈත නොණකින ලැබිය හැකි පුංචිම පුංචි පිළිතුරක් වෙනුවෙන්,,,

කොපමණ ගායනා කලත් කිසිවෙක් ඔහුට පිළිතුරු දෙන්නෙ නෑ,,

ඔහු සාගරයේ හුදකලා වෙලා,,

ඔහු සොයනවා , කතා කරනවා , බලාපොරොත්තු වෙනවා,,

අද නැත්තම් හෙට,,

හෙටයි මගෙ දවස,, එහෙම ඔහු අනන්තවත් හිතන්න ඇති ,,

නොදැනීම වසර විස්සක් ගෙවී යන්න ඇති,,

අනේ කවුරුන් හෝ මා තෙරුම් ගන්නවනම්,, ඔහු ඔහුටම කියාගන්න ඇති,,

ඔහු හෙලන තනිකමේ කදුලු සාගර ජලයෙ දිය වෙලා යන්න ඇති,,

පොඩි කාලේ අම්මා එක්ක සතුටින් එකට පිනපු හැටි මතක් වෙනවා ඇති,,

එහෙම ජිවිතයක් නැවත බලාපොරොත්තු වෙනවා ඇති,,

මේ තනිකමේ හුදකලාවෙ අවසානයක් ගැන සිහින දකිනවා ඇති,,

නොනවතින ගීතය නැවත නැවතත් ගයන්නට ඒ සිතුවිලි ඔහුව ධෙර්‍යමත් කරනවා ඇති,,

හැම අළුත් දවසක් එක්කම හිතේ උපදින අලුත් ප්‍රාර්ථනා ඔහුට දැන්නම් වදයක් වෙලා ඇති,,

ඒත් කොහොමද ගීතය නවත්තන්නෙ,,

ඔහුගේ බලාපොරොත්තු මේ මහා සාගරයටත් වඩා වැඩි,,,

වර්ෂ 1989 දී පර්යේෂකයන් පිරිසක් විසින් ප්‍රථම වරට උතුරු පැසිෆික් සාගරයෙන් මේ නිල් තල්මසාගේ හඩ ග්‍රහනය කරගන්නවා,,

ග්‍රහනය කරගන්නා විටත් එම හඩෙහි අසාමාන්‍ය බවක් ඔවුන් නිරීක්ශණය කරනවා,,

සාමාන්‍යයෙන් නිල් තල්මසෙකුගේ හඩ පරාසය 10 - 40 Hz අතර පැවතිය යුතු වුවත් , මෙම සත්ත්වයා නිකුත් කරන හඩ ඉන් ඔබ්බට විහිදි තිබුනා,,

ඔහුගේ හඩ 52 Hz ට ආසන්න අගයක තිබු නිසා මේ සත්ත්වයා

The 52 Hz Whale ලෙස නම් කෙරුනා,,

ඔහු නිකුත් කරන හඩේ තිබු මේ උච්චභාවය නිසා වෙනත් කිසිදු තල්මසෙකු ඔහුගේ හඩ හදුනාගත්තේ හෝ තෙරුම්ගත්තෙ නෑ,,,

මේ නිසා වෙනත් නිල් තල්මසෙකුගෙන් ඔහුට කිසිදින පිළිතුරක් නොලැබෙනු ඇතැයි සිතනවා,,

එම නිසා මේ ලොකයේ වඩාත්ම හුදකලා නිල් තල්මසා ලෙස හදුනාගන්නවා,,

ඒ වගේම පර්යේෂකයන් මේ සත්ත්වයා ලගින් නිරීක්ෂණය කර හෝ අධ්‍යනය කර නැති නිසා මේ ගැහැනු සතෙක්ද පිරිමි සතෙක්ද යන්න තවම හරියටම හදුනාගෙන නෑ,,

නමුත් සාමාන්‍යයෙන් සහාකාරියක් සෝයා ගැනීමේදී පිරිමි සතුන් මෙලෙස ගායනා කරීම සිදු කරන නිසා මේ පිරිමි සතෙක් යැයි විශ්වාස කරනවා,,

ඔහුගේ හඩ එදා සිට වසර විස්සකට වැඩි කාලයක් සාගරයේ අසන්නට ලැබුනු අතර මේ වන විට වසර තිහකටත් ආසන්නයි,,

සාමාන්‍යයෙන් නිල් තල්මසෙකු වසර 70 - 90 ක් පමණ කාලයක් ජීවත්වන නිසා අපිට තව දීර්ඝකාලයක් මේ ගීතය අසන්නට ලැබෙවීයයි සිතනවා,, 

.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න