ඊළඟ ටිකට් එක විමල්ට-වාසුට හෝ උදයට..?

සුසිල් ප්‍රේමජයන්තව ධූරයෙන් පන්නයි ජනපති ඇමති මණ්ඩල සුද්දය අරඹයි..! ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවැරී තිබෙන බලතල යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය…
සුසිල් ප්‍රේමජයන්තව ධූරයෙන් පන්නයි
ජනපති ඇමති මණ්ඩල සුද්දය අරඹයි..!

ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවැරී තිබෙන බලතල යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් පහ කිරීමට පියවර ගෙන තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඊට හේතු වී තිබෙන්නේ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ගෙවුණු සති කිහිපයේදීම ආණ්ඩුවේ කටයුතු විවේචනය කිරීම වන අතර සඳුදා (03) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ආණ්ඩුවේ කටයුතු විවේචනය කරන මැති ඇමැතිවරුන් දැඩිව විවේචනය කළ ජනාධිපතිවරයා එක්කෝ ඒ මැති ඇමතිවරුන් සිය ධූරවලින් ඉවත්විය යුතු බවත් නොඑසේ නම් තමාට පැවැරී තිබෙන බලතල අනුව තමා ඉවත් කරන බවත් කියා සිටියේය.
දැන්වීම
මේ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඉදිරියේ දී කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ හෝ වාසුදේව නානායක්කාර හෝ උදය ගම්මන්පිල යන මහත්වරුන් ද කැබිනට් අමාත්‍ය ධූරවලින් පහ කිරීමට ජනාධිපතිවරයා පියවර ගනු ඇති අතර ඊට හේතු වී තිබෙන්නේ එම ඇමතිවරුන් අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කිරීම සහ කැබිනට් මණ්ඩල තීන්දු තීරණවලට එරෙහිව අධිකරණය ඉදිරියට යාම ඇතුළු චෝදනාය.
ජනමාධ්‍ය ප්‍රධානීන් ඇතුළු පුවත්පත් කර්තෘවරුන් සමග ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා ගෙවුණු සතියේ පැවැත් වූ සාකච්ඡාවේදී ද අවධාරණය කර සිටියේ, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කරමින් කැබිනට් මණ්ඩල තීන්දු තීරණවලට එරෙහිව අධිකරණයට යාම වැරදි බවය.