අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඊළඟ ඡන්දය දිනන හොදම පොලිටිකල් ගේම් පප්පා..!

ඊළඟ ඡන්දය දිනන හොදම පොලිටිකල් ගේම් පප්පා..!

යුක්තිය මෙහෙයුමේ අවංකකම ගැන තවම සැක..? තෛයිපොංගල්වලට ජනතාවට ස්වීප් ඇදෙන ලකුණු..? "මගේ දේශපාලනය අනාථ වුණත් රට ගොඩ දාන අමාරු තීන්දු ගන්නවා" "අද බනින අය හෙට මට ප්‍රසංශා කරාවි" වැට් වැඩි කළේ දරුවන්ට හොද…

යුක්තිය මෙහෙයුමේ අවංකකම ගැන තවම සැක..?

තෛයිපොංගල්වලට ජනතාවට ස්වීප් ඇදෙන ලකුණු..?

"මගේ දේශපාලනය අනාථ වුණත් රට ගොඩ දාන අමාරු තීන්දු ගන්නවා"

"අද බනින අය හෙට මට ප්‍රසංශා කරාවි"

වැට් වැඩි කළේ දරුවන්ට හොද රටක් දායාද කරන්නයි..!

විපක්ෂයේ බොළඳ උපායන් හා කඩාකප්පල් වැඩ

මනූෂගෙන් තගරි ප්‍රහාර

ඇමෙරිකන් මහින්දගේ වෛයිරල් වූ සංවාදය

පොහොට්ටුවේ ඉදන් රට අනාථ කළ අයගේ අලුත්ම නවාතැන

බටහිර ගායක ඇන්ඩ්‍රි බොචෙල් හා බොළිවුඩි නළුනිළි වන්දනාව

රටට ඔිනෑ ළිං මැඩියෙක් ද ලෝකය අමතන නායකයෙක් ද..?

දිලිත් කොම්පැණි 24 කින් ඉවත් වුණේ ඇයි..?

ජනපති e කොළම

ඊළඟ ඡන්දය දිනන හොදම පොලිටිකල් ගේම් පප්පා..!

(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට )
        

හීතල නත්තලේ මෛත්‍රී සමඟ නුවරඑළි  ගිය ජනපති යළි ආවේ 31 දාය. රාජකාරි නිම කර නවිට රෑ 12 ට රතිඤ්ඤාද පත්තු වෙමින් තිබිණ. "රටයි ආර්ථිකයයි ස්ථාවර කළාම  ඇති. දේශපාලනයට ඔින දෙයක් වුණාවේ" ඔහු කීවේය.
     
එජාප නව ව්‍යවස්ථාව අනුව නිළධාරීන් පත්කිරීම ගැන කතාබහ කෙරුණේ ඔක්තෝබර් සමුළුවේදී සම්මතවූ විධිවිධාන මතය. ජනවාරි 01 ලේකම් කාර්යාල කැවුම් කිරිබත් උත්සවයට සමන් ඒකනායක ඒ වන විටත් හති දා ගෙන වැඩය.
      
ජනපති සමග මැති ඇමතිලා හා ඉහළ නිළධාරීන් සිටිය ද සාගල ආවේ නැත. මහාචාර්ය ආශු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් දිනිත්, සමන් රත්නප්‍රිය කීවේ වැට් නිසා අද සිට ජනතාවට තවත් අමාරු බවය.
       
"වැට් වැඩි කළේ දරුවන් ගැන හිතලා. ජනප්‍රිය තීන්දුවලට මේක වෙලාව නෙවෙයි. මගේ දේශපාලන අනාගතයට වඩා රටේ අනාගතයයි හිතුවෙ. බෙල්ල යන වැඩ කවුරුවත් කළේ නෑ. රට හිර වුණේ ඒකයි. මේක කරන කොට අද බනින අය හෙට මට ප්‍රසංශා කරාවි" රනිල් කීවේ හැගීම්බරවය.
     
ජනපති පිටව යද්දී සාගල ආවේය. "මම සිරිකොත කිරිබත් කාලයි ආවේ. රංගෙ 2024 දිත් එජාප මහලේකම් බවත් අනිත් නිලධාරීන් ජනපතිගෙ ස්විස් සංචාරයෙන් පසුව පත්කරන බවත් මම කිව්වා" ඔහු කීවේය.
      
අකුරේගොඩ ගුවන් හමුදා මූලස්ථානය විවෘත කිරීමද ජනපති අතින් සිදු කෙරිණ. එය ගෞරවණීය චාම් උත්සවයක් විය.
අනුර ප්‍රියදර්ශන, ලන්සා හා පියංකර ජනපති හමු වූහ. ඔවුන්ගේ පක්ෂ කාර්යාලය හා ඉදිරි දේශපාලනය හා ජනපතිගේ වැඩ පිළිවෙළට සහායදීම ගැන කතාබහ කෙරිණ. ශාන් විජයලාල් හා දයාශ්‍රිත තිසේරා සජබට යාම ගැන ද අවධානය යොමු කෙරිණ.
   
"අපේ අය කලබල වෙලා. ගාල්ලට රමේශ්, මනූෂ, මොහාන් වගේ ප්‍රබලයො ඉන්න නිසා ශාන්ට චාන්ස් අඩු නිසයි ගියේ" එහිදී කියවින. "ඡන්දයක් පේනමානෙක නෑ. කට්ටිය බාලා දිගටම මේක පවත්ව ගෙන යන්න පුළුවන්ද. සජිත් මුහුද හත් ගව්වක් තියල අමුඩෙ ඇදලා" එහි පැමිණි මනූෂ කීවේ සිනාමැදය.
    
"2015 මෛත්‍රීගෙ කැම්පේන් එක අපි කළේ සති 03 න්" වජිර කීය. "ජී එල් , ගොඩහේවල නිසා සජබෙ ගැටුම්. වියත් මඟ ගෝඨාගෙ ප්‍රතිපත්ති හැදුවෙ හා කෝටි 70,000 ක් බිස්නස් යාළුවන්ට බදු සහන දීල ඒ වගෙම වැට් 08% ට ගෙනැත් ආර්ථිකය වැටිටුවෙත් මෙයාල තමයි" එහිදී කියවින.
   
"එතකොට ගිණි ගත්ත නැව..." අයෙකු කීවේ පිරිස කොක්හඬලද්දීය. "දයාශ්‍රිත ගෙනැත් නිරෝෂන් පෙරේරා පහළට දාන ගේම් එකක් ගැනත් ඒ පැත්තෙ අය කතා වෙනවා" ඒ තවත් මතයකි. "කලබල නොවී තමන්ගෙ වගකීම් ඉටු කරන්න කෝ. දේශපාලනයකට වඩා ආර්ථිකය ගොඩදාල රට නග්ගන කැම්පේන් එකයි දැන් ඔිනෑ" කපටි නරියා කීවේ එහෙමය.
    
"විදුලිය ශ්‍රී ලංකන් කඩාකප්පල් කරලා සංචාරකයො එන එක කඩල බිදල දාන්න රතු කට්ටිය හා විපක්ෂය දරන තැත පහත් වැඩක්. ගාලු සාහිත්‍ය උළෙල බටහිර ගායක ඇන්ඩ්‍රි බොචෙල් හා ඉන්දීය නළු නිළියන් එන නිසා ආර්ථිකය නගින එක මේ හිරකරන්නෙ. ඒකට ඉඩ දෙන්න බෑ" මනූෂගෙන් තගරි ටයිප් ප්‍රහාරයක් ආවේය.
      
සති අන්තයේ ජනපති උතුරේය. සංවර්ධන මෙන්ම ඒ යටින් ඡන්ද වන්දනාව ද තිබෙනු නිසැකය. එහෙත් ජනපතිවරණයක් තියෙනවාද රනිල් ඊට තරඟ කරනවාද යන්න තවමත් විසඳුම් නැති ප්‍රශ්නය.
    
"තෛයිපොංගල්වලින් පසු වාසි වේවි" ජනපති කීවේ ජනතාවට ස්වීප් එකක් අත ළඟ බව ද..? උතුරේ ඇතැම් දේශපාලකයන් ජනතා විරෝධයක්ද පාරට වඩම්මා තිබුණ ද එය දියාරු මට්ටමක පැවතින.
     
ඊළඟ ඡන්දය කවදා තිබ්බද එය දිනිය හැක්කේ "හොදම පොලිටිකල් ගේම්කාරයාට" බව සුප්‍රසිද්ධ ලීඩර් ටීවී කියා තිබිණ. එසේ ගොඩ එන එකා  ගොඩ එන්නේ ද හතර ඝාතයෙන් බව ෂුවර්ය. ලංකා දේශපාලනයේ නම් "ගේම්  කැප්ටන් හා ගේම් පප්පා" කපටි නරියාය. ඔහු සමග ගේම් පිටියට එන සජිත් අනුර දිලිත් ධම්මික තියා රාජපක්ෂලාටත් එතනදී ඇඩ්‍රස් නැතිවීම ඒකාන්තය. එහෙත් දිලිත් පෙරපාදයේ ක්‍රීඩා කරමින් කොම්පැණි 24 කින් ඉවත්වී වැඩේට බැහැලාය. "රටට ඔින ළිං මැඩියෙක් නොව ලෝකයට ආමන්ත්‍රණය කළ හැකි නායකයෙක්" සුදත් චන්ද්‍රසේකර කීවේ එහෙයිනි.
      
ඇමෙරිකන් මහින්ද එහි සිට රටට විශාල යමක් කළේය. වසර දෙකකට පසු ඒ ගැන සාකච්ඡාවක් එළියට ආවේ වොෂින්ටන් DC සිටය. එය වෛරල් විය. කෝටි දහස් ගණනක් රටට ගෙනා හැටි ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකත්වය වර්ධනය කළ අයුරු US Aid, IMF හා ලෝක බැංකුවේ සහාය හා නොමිලේ බෙහෙත් හා DFC වෙතින් රු කෝටි 32,300 ක් රටට ලබාදුන් අයුරු ඉන් කියවින.
     
එහෙත් සාකච්ඡාවේ වඩාත් කතාබහට ලක්වූයේ දේශපාලනික ප්‍රකාශයකි. ලංකාවේ හැටි එහෙමය. "දේශපාලනයේ හිටියට වඩා තානාපතිකමෙන් විශාල සේවයක් කරන්න පාර කපා ගත්තා. ඒ සේවය තවදුරටත් කරන්න සුදානම්" ඔහු කීදේ පත්තුවී ඇමතුම් ගලා ආවේය. "නුසුදුස්සන්ටම රට දීලා ඔබවැනි අය පැත්තකට වෙනවද" ඇමති කෙනෙක් ඇසුවේය.
          
"යුක්තිය" මාධ්‍ය මෙහෙයුමක් පමණක් දැයි දන්නේ නැත. දේශබන්දුට පොලිස්පති ලියුම ගැනීමට ටිරාන්ට ලකුණු දා ගැනීමට හෝ කපටි නරියාට ඡන්ද දිනීමට පමණක් මේවා කරනවා නම් ඒවා තුට්ටු දෙකේ වැඩය. යුක්තිය  බොක්කෙන්ම  දිගටම කරනවා නම් ඔය සෙට් එක කරේ කියා ගෙන ගොස් ගොඩදාන්නේ ජනතාව ය.

ඊළඟ ඡන්දය දිනන හොදම පොලිටිකල් ගේම් පප්පා..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
ඊළඟ ඡන්දය දිනන හොදම පොලිටිකල් ගේම් පප්පා..! | Lanka Newsweek