අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඉළිඹ හන්දියේ අනතුරින් එක අයෙක් මරුට - අනිත් යතුරුපැදිකරු දැඩි සත්කාරේ

ඉළිඹ හන්දියේ අනතුරින් එක අයෙක් මරුට - අනිත් යතුරුපැදිකරු දැඩි සත්කාරේ

2026.01.16 දින රාත්‍රියේ රාත්‍රී 11.00 ට පමණ රත්නපුර පානදුර A008 මාර්ගයේ ඉළිඹ හන්දිය අසල සිදුවූ මාරක අනතුරකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්විිය. 22 හැවිරිදි තරුණයෙකු හොරණ රෝහලේ ප්‍රතිකාර…

2026.01.16 දින රාත්‍රියේ රාත්‍රී 11.00 ට පමණ රත්නපුර පානදුර A008 මාර්ගයේ ඉළිඹ හන්දිය අසල සිදුවූ මාරක අනතුරකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්විිය.  22 හැවිරිදි තරුණයෙකු හොරණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

දෙදෙනාම යතුරුපැදිකරුවන් ලෙස අධික වේගයෙන් ධාවන තරඟයක ආකාරයෙන් යතුරුපැදි පඳවා ප්‍රතිවිරුද්ධ දෙසින් මාර්ගය හරහා ඉළිඹ දෙසට යාමට හැරවූ කාර් රථයක ගැටී අනතුර සිදුව ඇත.
ගිලන් රථයකින් දෙදෙනා හොරණ රෝහලට ඇතුලත් කළ පසු 17 හැවිරිදි යතුරුපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර සිටියදී මියගොස් තිබේ.

කාර් රථයේ රියදුරු වයස අවුරුදු 54 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර ඔහුව ගරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රු. 500,000 ක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කරන ලදී.

විමර්ශනයේදී මිය ගිය 17 හැවිරිදි යතුරුපැදිකරු රිය පැදවීමේ ප්‍රවීනතා සහතිකයක් (රිය බලපත්‍රයක්) නොමැති අයෙකු බව අනාවරණය වී ඇත. ඒ් අනුව ඔහුට යතුරුපැදිය ධාවනය කිරීම සඳහා ආධාර අනුබල දුන් අයට එරෙහිව චෝදනා ගොනු කිරීමට නියමිතය. අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන හොරණ පොලිස් ස්ථානය විසින් සිදුකරයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න