ඉරාන - ඊශ්‍රායල යුදයේ නව ප්‍රවණතා හා හැරවුම්..?

ඊශ්‍රායලය කෑ සුපිරිම කෑම..! මොසාඩ් මුලස්ථානයත් සුන්..? ඉරානයෙන් පමණක් නොව හතර වටෙන්ම ඊශ්‍රායලයට ප්‍රහාර..? මේ මොහොතේ ට්‍රම්ප් බලයේ සිටීම ලෝකයට ආශීර්වාදයක්වීම..? ඇමෙරිකාව තීරණාත්මකම ලෝක බලවතා බව යළිත්…
ඊශ්‍රායලය කෑ සුපිරිම කෑම..!
මොසාඩ් මුලස්ථානයත් සුන්..?
ඉරානයෙන් පමණක් නොව හතර වටෙන්ම ඊශ්‍රායලයට ප්‍රහාර..?
මේ මොහොතේ ට්‍රම්ප් බලයේ සිටීම ලෝකයට ආශීර්වාදයක්වීම..?
ඇමෙරිකාව තීරණාත්මකම ලෝක බලවතා බව යළිත් සනාථ වන ලකුණු..?
චීනය තවම නිහඩ ඇයි..?
ඉරාන ආගමික පාළනයට කණකොකා හඬයිද..?
(අශෝක ජයතුංග විසිනි)
ඊශ්‍රායලය හා ඉරානය අතර යුද ගැටුම දරුණු ලෙස ඇරඔී විශාල ජීවිත හා දේපොළ විනාශයක් සිදු කරමින් තිබේ. මේ වනවිට ආර්ථික යුදකාමියෙකු මිස අවියෙන් කරන යුද විරෝධියෙකු වන ට්‍රම්ප් ඇමෙරිකාවේ බලයේ සිටීම සාමයට යම් පිටුවහලක් වුවත් ආගමික පසුබිම හා ලෝක බල තුලනය තුළ ඇමෙරිකාවට ඊශ්‍රායලයට පිටුපා නොහැකි ගැඔුරු පසුබිමක් හා බැදීමක් ද පවතී.
ඇමෙරිකාව තම පිටුපස සිටින බව දන්නා ඊශ්‍රායලය චන්ඩියෙකු ලෙස පසුගිය වසර දෙක පුරා හතර වටේ නෙලුවේය. ගාසාව ඇතුළු අවට රටවල් සමතලා කළේය. එහෙත් ඔවුන් මෙල්ල කරන්නට තරම් ප්‍රබල ප්‍රතිප්‍රහාර දෙන්නට ශක්තියක් කිසිවකුට නොතිබිණ. ඉරානය සතුව ද න්‍යෂ්ටික හා වෙනත් බර අවි හා තාක්ෂනය මිල මුදල් ඇතුළු බොහෝ දේ තිබුණ ද යුද්ධයට නැති කඩුව කොස් කොටන්නදැය සිතා කම් ඕ ගෝ චිකාගෝ යය සිතා ඊශ්‍රායල් ප්‍රහාර යන පදනමින් දරුණු ප්‍රතිප්‍රහාර දී එරට අගනුවර ටෙල්අවිව් වලින් සැලකිය යුතු කොටසක් ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර හරහා සමතලා කළේය. ඒ අතර මොසාඩ් ඔත්තු සේවා මුලස්ථානය ද වීම විශේෂත්වයකි.
ඊශ්‍රායලයට මෑතකදී කන්නට සිදුවූ දරුණුම කෑම එය විය. එමෙත්ම දැන් එය නයාට ගසා පොල්ල වරද්දා ගත් පසුබිමක් නිර්මාණය කරමින් තිබෙන බව ද පෙනේ. ඊශ්‍රායලය සිදු කරන ප්‍රතිප්‍රහාර ඉරානයට දැවැන්ත අනතුරු ඇතිකරමින් තිබේ. ඉරානය සටන් විරාම සදහා තෙවන පාර්ශව හා අතරමැදියන් හරහා උත්සාහ කල ද තව සති 03 ක් අඛණ්ඩව පහර දෙන බව ඊශ්‍රායලය කියා තිබේ.
දැන්වීම
ඉන්දු පකිස්ථාන යුදය චීනය පකිස්ථානයට සහාය දී ඉන්දියාවට දෙකක් දෙනවිට ඔවුන් රිවස් ගොස් නිමාවිය. එහෙත් ඊශ්‍රයෙල හා ඉරාන සටන ඊට වඩා සංකීර්ණ හෙයින් ඊට අතපෙවීම චීනය ඇතුළු සියලු දෙනා සිදු කරනුයේ ඉතා පරිස්සමෙනි.
ඇමෙරිකාව චීනය රුසියාව වැනි ප්‍රබල රටවල් තම පුරවරසියන්ට යුද කලාප වලන් ඉවත් වන ලෙස දැනුම් දුන්න ද තවම යුද්ධයට ඇති මැදිහත්වීම සෘජුවම ප්‍රකාශ කොට නැත. ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු කියා ඇත්තේ සියලු ජනතාව ඉරාන අගනුවර වන ටෙහෙරානයෙන් ඉවත් වන ලෙසය.
සටන් විරාමයකට කැමැත්ත පළකරන ඉරානය තම න්‍යෂ්ටික වැඩ සටහන ගැන ද සාකච්ඡා කිරීමට සුදානම් බව ඇගවීම තුළ සාමයට ලැදි ට්‍රම්ප් එම පණිවිඩයට ප්‍රතිචාර සදහා සුදානම් බවට පණිවිඩ යවා තිබේ.
තවද ඉරාන අධ්‍යාත්මික නායක අලි කොමේනි ඝාතනය කර ආගමික පසුබිමක් යටතේ සිදුවන ඉරාන පාළනය වෙනස් කල පසු සියල්ල නිමවන බව ඊශ්‍රායල අගමැති ප්‍රකාශ කිරීමෙන් ඉරානය තුළ ඇමෙරිකානු හා බටහිරට පක්ෂපාත පාළනයක් ඇතිකිරීම යටින් තිබෙන ප්‍රබල අරමුණක් බව ද පෙනී යයි.
ඇමෙරිකානු යුද නැව් දෙකක් මේ වනවිට මැදපෙරදිග කලාපයට පැමණ තිබුණ ද ට්‍රම්ප් ගේ අරමුණ යුදය නවතා ඉරාන න්‍යෂ්ටික හිසරදයෙන් මිදීමටය.බ්‍රිතාන්‍ය ප්‍රංශය හා ජර්මනිය නිවේදනයකින් කියා ඇත්තේ ලෝක සාමය හා ආර්ථිකය වනසන්නේ නැතිව වහාම යුද්ධය නවතා සාකච්ඡා වලට එළඹිය යුතු බවය.සටන් විරාමය ඇති නොවුණහොත් ඉරානය සතු සියලු බර අවි යොදා ඊශ්‍රායලයට පහර දෙන බව ඉරානය කීව ද පසුගිය පැය කිහිපය තුළ යවා ඇත්තේ බැලස්ටික් මිසයිල 06 – 07 පමණි. එ්වා ගුවනේදීම විනාශ කල බව ඊශ්‍රායලය ප්‍රකාශ කළේය.
G- 07 සමුළුව අතර මැද ට්‍රම්ප් යළි වොෂින්ටන් DC පැමිණ වැඩේට අත ගසන්නට සුදානම් වන ලකුණු තිබේ. එය සාමය පැත්තට වඩා බරවන නිසා ලෝක සාමය හා ආර්ථික සාමයට ඇමෙරිකාව අදත් ප්‍රධානතම හා තීරණාත්මකම ලෝක සාධකය බවට පත්ව තිබේ.