අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඉරාන-ඉරාක දේශසීමාවේ භූමිකම්පාවකින් 348ක් මරුට

ඉරාන-ඉරාක දේශසීමාවේ භූමිකම්පාවකින් 348ක් මරුට

(සුජිත් මංගල ද සිල්වා) ඉරාන සහ ඉරාක උතුරු දේශ සීමා ප්‍රදේශයේ අද (13) හදිසියේ ඇතිවූ දරුණු භූමිකම්පාවකින් පුද්ගලයින් 348ක් පමණ ජීවිතක්ෂයට පත් වී 5560ක් පමණ දරුණු තුවාල ලබා තිබේ. මේ භූමිකම්පාවෙන් පසුව…

(සුජිත් මංගල ද සිල්වා)

ඉරාන සහ ඉරාක උතුරු දේශ සීමා ප්‍රදේශයේ අද (13) හදිසියේ ඇතිවූ දරුණු භූමිකම්පාවකින් පුද්ගලයින් 348ක් පමණ ජීවිතක්ෂයට පත් වී 5560ක් පමණ දරුණු තුවාල ලබා තිබේ. මේ භූමිකම්පාවෙන් පසුව හැත්තෑ දහසකට අධික ජනතාවකට රැකවරණය අවශ්‍ය වී තිබෙන අතර මේ අවුරුද්දේ අහිවූ විශාලතම භූමිකම්පාව මේ භූමිකම්පාව බවද සඳහන්වේ. මේ භූමිකම්පාවෙන් වැඩියෙන්ම ජීවිතක්ෂයට පත්ව සිටින්නේ ඉරාන ජාතිකයින් වන අතර ඉරාක ජාතිකයින් හත් දෙනකුද මියගොස්  තිබේ. වැඩිම අවතැන්වුවන් ප්‍රමාණයක් වාර්තා වන්නේ ඉරානයේ sarpol-e zahab නගරයෙන් වන අතර  මේ අනතුරෙන් නගරයේ ප්‍රධාන රෝහල ද විනාශ වී තිබෙන නිසා සිද්ධියෙන් තුවාල ලබූවන්ට ප්‍රතිකාර කිරීමද ගැටලුවක් වී ඇති බව එරට වාර්තා පෙන්වාදෙයි
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඉරාන-ඉරාක දේශසීමාවේ භූමිකම්පාවකින් 348ක් මරුට | Lanka Newsweek