අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සහ විපක්ෂ නායක කොළඹ දී හමු වෙයි

ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සහ විපක්ෂ නායක කොළඹ දී හමු වෙයි

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් මෛත්‍රේය කුල්කර්ණි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුහද හමුවක් බදාදා (29) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය. මෙහි දී දෙරට අතර…

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් මෛත්‍රේය කුල්කර්ණි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුහද හමුවක් බදාදා (29) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.

මෙහි දී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තව දුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය නව නියෝජ්‍ය මහ කොමසාරිස් අතර දීර්ඝ වශයෙන් අදහස් රැසක් හුව මාරු විය.

2025 වර්ෂයේ අග භාගයේ දී ශ්‍රී ලංකාව මුහුණ දුන් දිට්වා ආපදා තත්ත්වයන්හිදී සමීප අසල්වැසියා ලෙස ඉන්දියාව ලබා දුන් කඩිනම් සහ මානුෂීය සහාය සම්බන්ධයෙන් මෙම අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සමස්ත ලක්ෂ 220ක ජනතාව වෙනුවෙන් සිය ස්තුතිය සහ කෘතඥතාවය ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා වෙත පළ කළේය.

දැන්වීම

එමෙන්ම COVID - 19 වසංගත සමයේදීත් ආර්ථික අර්බුධය සමයේදීත් සමීප අසල්වැසි රාජ්‍යයක් ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් වටිනා සහයෝගය ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී විශේෂයෙන් අගය කළේය.

දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය තව දුරටත් ශක්තිමත් කරමින් ඉදිරියේදී ද සංවර්ධන, ආර්ථික සහ ජනතා සුබ සාධන ක්ෂේත්‍රවල සමීප සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද මෙහි දී දෙපාර්ශ්වයේ ම අවධානය යොමු විය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න