ඉන්දීය ණයවලින් පොහොට්ටුවන්ට සිල්ලර කඩ දී ලා..!

ඒ කඩවලින් බඩු ගන්න කූපන් පතුත් දී ලා විපක්ෂ නායක හෙළි කරයි..! ඉන්දියාවෙන් ගත් ණයවලින් ගම්මාන 14,000ක සිටින තෝරා ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයින්ට සිල්ලර කඩ විවෘත්ත කර දී අනෙකුත්…
ඒ කඩවලින් බඩු ගන්න කූපන් පතුත් දී ලා
විපක්ෂ නායක හෙළි කරයි..!
ඉන්දියාවෙන් ගත් ණයවලින් ගම්මාන 14,000ක සිටින තෝරා ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයින්ට සිල්ලර කඩ විවෘත්ත කර දී අනෙකුත් පාක්ෂිකයින්ට එම සිල්ලර කඩවලින් බඩු ගැනීමට කූපන් පත් ලබා දීමට ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින්නේ යැයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළි කර සිටියි.
මේ මොහොතේ රටේ සියලුම දෙනා බරපතළ ව්‍යසනයකට මැදිව සිටිද්දී, ඒ ගැන නොතකා සිය පාක්ෂිකයින්ට සිල්ලර කඩ විවෘත්ත කර දෙමින් ආණ්ඩුව මේ කරන්නේ කුමක්දැයි ප්‍රශ්න කර සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම වැඩ පිළිවෙළ තරයේ හෙළා දකින බව ද කියා සිටියි.
සිය පාක්ෂිකයින්ට සිල්ලර කඩ විවෘත්ත කර දෙන ආණ්ඩුව ගෑස්, තෙල් සහ කිරිපිටි පෝලිම්වල දුක් විඳින ජනතාව වෙනුවෙන් ගන්නා ක්‍රියා මාර්ගය කුමක්දැයි විමසා සිටින සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගේ එම දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා වෙනුවට ආණ්ඩුව කරන්නේ පටු බල දේශපාලන උපාය මාර්ග වෙනුවෙන් රට බිල්ලට දීම යැයි ද චෝදනා කර සිටියි.