අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඉන්දියාව සිය නියමුවා නිදහස් කර ගැනීමට ප‍්‍රබල උත්සාහයක..!

ඉන්දියාව සිය නියමුවා නිදහස් කර ගැනීමට ප‍්‍රබල උත්සාහයක..!

(සමීර වීරක්කොඩි) අත්අඩංගුවේ පසුවන සිය ගුවන් නියමුවා නිදහස් කරන්නැයි ඉන්දියාව පාකිස්ථානයට දැනුම් දී තිබෙනවා. තුවාල සහිතව ඔහු පෙනී සිට්න ඡායාරූප මාධ්‍ය වෙත මුදාහැරීම අනුමත කළ හැකි ක‍්‍රියාවක් නොවන බවයි…

(සමීර වීරක්කොඩි)

අත්අඩංගුවේ පසුවන සිය ගුවන් නියමුවා නිදහස් කරන්නැයි ඉන්දියාව පාකිස්ථානයට දැනුම් දී තිබෙනවා.

තුවාල සහිතව ඔහු පෙනී සිට්න ඡායාරූප මාධ්‍ය වෙත මුදාහැරීම අනුමත කළ හැකි ක‍්‍රියාවක් නොවන බවයි ඉන්දියාව අවධාරණය කර සිටින්නේ.

දැන්වීම

පාකිස්ථාන පාලනය යටතේ පවතින ප‍්‍රදේශයකට ඊයේ කඩා වැටුණු ඉන්දීය ප‍්‍රහාරක ගුවන් යානා 02න් එකක නියමුවා ලෙස කටයුතු කළ වින්ග් කමාන්ඩර් ”අභිනන්දන්” නම් නියමුවායි මෙලෙස පාකිස්ථාන අත්අඩංගුවට පත්ව සිට්න්නේ.

අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී කිසියම් පිරිසක් ඔහුට පහරදෙන දර්ශණ ඇතුළත් වීඩියෝ පටයක්ද මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

කෙසේ වෙතත් මේ වනවිට පාකිස්ථාන ආරක්‍ෂක අංශ තමන්ට හොඳින් සලකන බවයි පාකිස්ථාන ආරක්‍ෂක අංශ විසින් නිකුත් කර තිබූ වීඩියෝ පටයක පෙනී සිටිමින් වින්ග් කමාන්ඩර් අභිනන්දන් සඳහන් කර තිබුණේ.

මේ අතර ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්‍ද්‍ර මෝදි මහතා ඊයේ රාත‍්‍රියේ එරට ත‍්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වු අතර එහිදී පාකිස්ථාන අත්අඩංගුවේ පසුවන ගුවන් නියමුවා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරඇති බව ද වාර්තා වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඉන්දියාව සිය නියමුවා නිදහස් කර ගැනීමට ප‍්‍රබල උත්සාහයක..! | Lanka Newsweek