ඉන්දියාවෙන් මන්කිපොක්ස් ආසාදිතයන් සිව්දෙනෙක්.

(ශානිකා ශිරෝමාලි) ඉන්දියාවේ දිල්ලි ප්‍රදේශයේ 34 හැවිරිදි පුද්ගලයෙකු මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වයිරසයට ගොදුරුවී ඇති අයෙකු හමුවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. බටහිර දිල්ලියේ පදිංචිකරුවෙකු වන අදාළ…
(ශානිකා ශිරෝමාලි)
ඉන්දියාවේ දිල්ලි ප්‍රදේශයේ 34 හැවිරිදි පුද්ගලයෙකු මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වයිරසයට ගොදුරුවී ඇති අයෙකු හමුවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
බටහිර දිල්ලියේ පදිංචිකරුවෙකු වන අදාළ ආසාදිතයා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් දින තුනකට පමණ පෙර මවුලානා අසාද් වෛද්‍ය විද්‍යාල රෝහලට ඇතුළත් කර ඇත. දින ගණනාවක සිට පවතින උණ සහ ශරීරයේ කුෂ්ඨ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගතව තිබේ.
ඔහුගේ සාම්පල සෙනසුරාදා පූනේ ජාතික වෛරස් විද්‍යා ආයතනයට (NIV) යවා ඇති අතර එය ධනාත්මක වී තිබේ.
මෙම පුද්ගලයා පසුගියදා හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ මනාලි ප්‍රදේශයේ පැවති සාදයකට සහභාගී වී ඇති බව PTI පුවත් සේවය වාර්තා කරයි. ඔහු මේ වන විට හුදකලා වාට්ටුවක සිටී. මෙම පුද්ගලයා සමඟ සම්බන්ධ වූ පුද්ගලයන් සොයා ගනිමින් සිටින බව නිලධාරීහු පවසති.
මීට පෙර වඳුරු උණ රෝගීන් තිදෙනෙකු කේරළයෙන් හමුවී ඇති අතර මේවන විට ඉන්දියාවේ සමස්ත වඳුරු උණ රෝගීන් සංඛ්‍යාව 04 දක්වා ඉහළ ගොස් තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ ගෝලීය වඳුරු උණ වසංගතය ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කළේය.