අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඉදිරි මාස හය සඳහා ජනපතිට තවත් කෝටි 875ක් ඕනෑලු

ඉදිරි මාස හය සඳහා ජනපතිට තවත් කෝටි 875ක් ඕනෑලු

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් අමතරව තවත් රුපියල් කෝටි 875 ක පරිපූරක මුදලක් ගෙවිය යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ. මෙම යෝජනාව 2024.06.18 වැනිදා…

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් අමතරව තවත් රුපියල් කෝටි 875 ක පරිපූරක මුදලක් ගෙවිය යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.

මෙම යෝජනාව 2024.06.18 වැනිදා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.

2024 වර්ෂයේ දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන මුදල් වර්ෂයේ ප්‍රයෝජනය සඳහා රජයේ ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයට අයත් අනෙකුත් ඕනෑම අරමුදලකින් හෝ මුදලකින් හෝ රජය ගන්නා ඕනෑම ණය මුදලකින් හෝ මෙම මුදල ගෙවිය යුතු බවටද එම යෝජනාවේ සඳහන්වේ.

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් අමතරව තවත් රුපියල් කෝටි 875 ක පරිපූරක මුදලක් අවශ්‍ය වන බවට වන මෙම  යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය ලැබී ඇතැයිද සඳහන්වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඉදිරි මාස හය සඳහා ජනපතිට තවත් කෝටි 875ක් ඕනෑලු | Lanka Newsweek