අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඉදිරි අයවැයට රවීගෙන් යෝජනා

ඉදිරි අයවැයට රවීගෙන් යෝජනා

විපක්ෂයේ රැලියට හැම පක්ශයක්ම එකතුවෙලා ශක්තිමත් විපක්ශයක් හදන්න ඕනේ රටේ ආර්ථිකය ගමන් කරන විදියට ඉදිරියේ ණය ගෙවීම විශාල අර්බුදයක් වෙන්න පුළුවන් පසුගිදා කොළඹදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණායක මහතා…


විපක්ෂයේ රැලියට හැම පක්ශයක්ම එකතුවෙලා ශක්තිමත් විපක්ශයක් හදන්න ඕනේ


රටේ ආර්ථිකය ගමන් කරන විදියට ඉදිරියේ ණය ගෙවීම විශාල අර්බුදයක් වෙන්න පුළුවන් 

පසුගිදා කොළඹදී හිටපු මුදල් අමාත්‍ය රවී කරුණායක මහතා විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණු අතර එහිදී ඒ මහතා පෙන්වා දුන්නේ ඉදිරියේදී නය ගෙවීම අභියෝගාත්මක විය හැකි බවයි.

එළඹෙන අයවැයෙන් කොටස් වෙලදපල ඉලක්ක නොකරගෙන සාමන්‍ය මහජනතාවත් රැකෙන පරිදි යෝජනා ඉදිරිපත් කරන්න කියලා අපි රජයෙන් ඉල්ලීමක් කරනවා..තවද රටේ තරුණ පරම්පරාව රටේ ආර්ථිකයකට එකතු කරගන්න නව වැඩිපිලිවෙලක් අව්ශ්‍යයි. 

දැන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම පාඩු ලබනවා කියලා හැමදාම කියනවා.  නමුත් රජය මේ සම්බන්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑ.  මෙය නම වෙනස් කරලා පෞද්ගලික අංශයට පවරනවද එහෙම නැත්තන් පාඩු ලබාගන රජය තියාගන්නවද නැද්ද කියන එක තීරනය කරන්න ඕනේ. 

දැන්වීම

දැන් රාජ්‍ය සේවයට විශාල පිරිසක් බදවාගන්න හදනවා. මේවාට imf එක අනුමැතිය දීලාද තියෙන්නේ. 

රජයේ වාහන 87800 ක් තියනවා.  ආන්ඩුව ඒකට තව ඩබල් කැබ් 2000ක් ගේන්න හදනවා. ඒවා ඔක්කොම ඉන්දන භාවිතා කරලා දාවනය වෙන ඒවා. ඒක විශාල වියදමක්.. ඊට පස්සේ ඒ කැබ් වලට තෙල් වියදමත් වැඩියි. බිලියන ගානක් ඒකට වියදම් කරන්න වෙනවා.. දැන් ආන්ඩුව සල්ලි ඉතුරු කරනවා කියලා ආවේ.. මේ ඉතුරු කරන එකද කරන්නේ.. ඉතින් මුදල් ඉතුරු කරගන්නනම් ඉලෙක්ට්‍රික් කැබ් ගේන්න පුලුවන්.. ඇයි මෙහෙම මුදල් වියදම් කරගන්නේ.. 

මම තමයි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන එකම අලියා. මේ ආන්ඩුවට අභියෝග කරන්න නම් ශක්තිමත් විපක්ශයක් ඕනේ. ඉදිරියේ තියන ණය ගෙවන්නනම් 8%ක ආර්ථික වර්දන වේගයක් තියාගන්න ඕනේ. නමුත් මේ යන විදියට ඉදිරියේ ණය ගෙවීම සම්බන්ධ විශාල ප්‍රශ්නයක් වෙන්න පුලුවන්..

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඉදිරි අයවැයට රවීගෙන් යෝජනා | Lanka Newsweek