අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඇල්පිටියේදී ලොරියක් සම්පුර්ණයෙන්ම ගිනි ගනී

ඇල්පිටියේදී ලොරියක් සම්පුර්ණයෙන්ම ගිනි ගනී

(ජයකාන්ත ලියනගේ - බළපිටිය) මීරිගම සිට පැමිණි ලොරි රථයක් ඇල්පිටිය කුරුදුගහහැතැප්ම අධීවේගී පිවිසුම් මාර්ගයේදී ගිනිගෙන සම්පූර්ණයෙන්ම සඳුදා (11) දහවල් විනාශ වී තිබේ. කුකුළු මස් පටවාගෙන පැමිණි මෙම ලොරි…

(ජයකාන්ත ලියනගේ  -  බළපිටිය) 

මීරිගම සිට පැමිණි ලොරි රථයක් ඇල්පිටිය කුරුදුගහහැතැප්ම අධීවේගී පිවිසුම් මාර්ගයේදී ගිනිගෙන සම්පූර්ණයෙන්ම සඳුදා  (11) දහවල් විනාශ වී තිබේ.

කුකුළු මස් පටවාගෙන පැමිණි මෙම ලොරි රථය අධීවේගී මාර්ගයෙන් පිටවි මුදල් ගෙවීමේ කව්ලුව අභියසදී මාර්ගයේ වැටේ වැදී ඇති බවත් එහිදී පෙරලී ඇති ලොරිය විනාඩි කිහිපයක් ඇතුලත ගිනිගෙන ඇති බවත් ඇල්පිටිය පොලීසිය කියයි.

ලොරි රථයේ රියදුරු සහ සහයකයින් දෙදෙනා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබේ. දෙදෙනෙක් කම්පන තත්ත්වයෙන් හා එක් අයෙකු සුළු තුවාල සහිතව ප්‍රතිකාර ලබන බව ඇල්පිටිය මූලික රෝහල කියයි.

දැන්වීම

ලොරි රථයේ පැටවිය හැක්කේ කිලෝ ග්‍රෑම් 2500 ක් බවත් එහි කිලෝග්‍රෑම් 4500 කට අධික ප්‍රමාණයක් රැගෙන විත් තිබෙන බවත් ඒ නිසාම ලොරි රථය පාලනය කර ගැනීමට නොහැකිව පාරෙන් ඉතට පැන මාර්ගයේ වැටේ වැදී බවත් ඇල්පිටිය පොලීසිය පරීක්ෂණ වලදී තහවුරු කරගෙන තිබේ.

කුරුදුගහහැතැප්ම අධිවේගී මාර්ග පිවිසුමේ ගිනි නිවීමේ රථය අළුත්වැඩියා කටයුත්තක් සදහා රැගෙන ගොස් තිබෙන බවත් ගාල්ල පින්නදූව පිවිසුමේ ගිනි නිවීමේ රථය ගෙන්වා ගෙන ලොරි රථයේ ගින්න නිවීමට කටයුතු කර තිබෙන පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. ප්‍රමාදය හේතුවෙන් එවිට ලොරි රථය සම්පූර්ණයෙන්ම දැවී තිබී ඇති බවත් අධිවේගී මාර්ග පොලිස් මුර පොළේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

ඇල්පිටියේදී ලොරියක් සම්පුර්ණයෙන්ම ගිනි ගනී

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න