ඇලහැර මිනිපේ අමුණේ වැඩකටයුතු සොයා බැලීමට විපක්ෂ නායකවරයා එයි

පසුගිය දා දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වූ ගංවතුර තත්ත්වය නිසා හානි වූ ඇලහැර මිණිපේ ලෝක උරුම අමුණේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි සංචාරයක…
පසුගිය දා දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වූ ගංවතුර තත්ත්වය නිසා හානි වූ ඇලහැර මිණිපේ ලෝක උරුම අමුණේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි සංචාරයක නිරත විය.
ඒ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ පොළොන්නරුව, මහියංගනය ප්‍රදේශවල රෝහල් කිහිපයකට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මෙම අමුණේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලිමට ගිය අවස්ථාවේදීය.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම ඇලහැර මිනිපේ ප්‍රදේශයේ ගොවි ජනතාව හමුවී ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බලා මිනිපේ අමුණ පිළිසකර කරන ස්ථානයට පැමිණ එහි සිටි නිලධාරින් සමග ද එම කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.