ඇමෙරිකාවෙන් සමුගන්නට මහින්ද සමරසිංහ තීන්දු කළේ ඇයි..?

ඔහු බිළිබෑමට එළා ඇති විපක්ෂයේ හා ආණ්ඩුවේ දැළ..! මහින්ද දේශපාලන නරාවලට ද ජනතා ඔඩොක්කුවට ද..? රටට උපරිම දේශපාලන හා ආර්ථික වාසි ගෙනා රාජතාන්ත්‍රිකයා ඇමෙරිකාව හා ලෝකය සමඟ ගොඩනැගූ අසාමාන්‍ය සබදතා ජාලය..!…
ඔහු බිළිබෑමට එළා ඇති විපක්ෂයේ හා ආණ්ඩුවේ දැළ..!
මහින්ද දේශපාලන නරාවලට ද ජනතා ඔඩොක්කුවට ද..?
රටට උපරිම දේශපාලන හා ආර්ථික වාසි ගෙනා රාජතාන්ත්‍රිකයා
ඇමෙරිකාව හා ලෝකය සමඟ ගොඩනැගූ අසාමාන්‍ය සබදතා ජාලය..!
(වොෂින්ටන් වෘකයා)
දැනට ලංකාව සතු හොදම ජාත්‍යන්තර රාජතාන්ත්‍රිකයා මහින්ද සමරසිංහ (MS) බවත් ඔහු තරම් ජාත්‍යන්තර දේශපාලන හා ආර්ථික ජයග්‍රහණ රටට ගෙනා වෙනත් අයෙක් නැති බවත් අවිවාදිතය. නූතනයේ ජීවමාන කදිරගාමර් ඔහු බව පිළිගැනෙන්නේ ද ඒ තුළය.
1982 දී ඔිස්ට්රෙලියාවේ පළමු ලේකම් ලෙස තානාපති සේවාව ඇරඔු මහින්ද අනතුරුව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ තානාපති අංශයේ ක්‍රියා කළේ ජයන්ත ධනපාල හා කදිරගාමර් සමගය. 83 කළු ජූලියෙන් රටට වූ කැළල මැකීමට පළිහ අල්ලා රටේ ප්‍රතිරූපය බේරුවේ
මහින්දලාය.88 දී පළාත් සභා හරහා කළුතර දිසාවේ පළවෙනියා ලෙස දේශපාලනයට ආ මහින්ද එහි ප්‍රබල ඇමතිධුරයක් කළේ මධ්‍යම ආණ්ඩුව සතු බලතල පවරා ගැනීමේ පළමු ප්රඥ්රප්තිය ද ගෙන එමිනි.ජනපති ප්‍රේමදාසගේ උදහසට පවා ඔහු එහිදී ලක් වූහ.
දැන්වීම
1989 දී පාර්ලිමේන්තු ඒමට තැත් කළ ද නාමයෝජනා ලැබීමේදී අදිසි හස්තයක ගිලටීනයකට ඔහු ලක්විය. එහෙත් 94 දී ඔහු එම ජයග්‍රහණය කරා ලගා විය. එහිදී කැපී පෙනෙන විපක්ෂ කාර්ය භාරයක් ඉටුකළ ඔහු අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මානව හිමකම් කමිටුවේ ප්‍රධානියා ලෙස ජිනීවාහිදී පත්වූයේ රටවල් 168 ක ඡන්ද ලබමිනි. රටවල් රැසක මානව හිමිකම් ගැටලු හා ලොවපුරා ප්‍රබල දේශපාලකයන්ට එල්ලවූ තාඩන පීඩන වලදී මැදිහත්වීම් කරන්නට ද මහින්ද ක්‍රියා කළේය.
ආණ්ඩුවේ හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම් හා කැබිනට් ඇමතිකම් 08 ක් දරා ඇති මහින්ද යුද සමයේ රටේ ප්‍රතිරූපය බේරාගැනීම සඳහා ජිනීවා මෙහෙයුම් දියත් කළ අයුරු හා ලබාගත් ජයග්‍රහණ කාගේත් පැසසුමට ලක්වේ. එහෙත් ගෝටාභය මහින්ද ගෙන් වැඩ ගත්තේ නැත. කලකිරුණු ඔහු ඇමෙරිකානු තානාපති වුයේ රටට ඒ හරහා යමක් කරන්නටය.
2022 රටට අසීරුම වූ සමයේ ලංකාවට රු කෝටි 1700 ක පොහොර කෝටි 2400 ක ඖෂධ නැව් හෙලිකොප්ටර ගුවන් යානා මෙන්ම IMF හා ලෝක බැංකු සහාය ලබා ගැනීම හා ඇමෙරිකානු ට්‍රම්ප් තීරුබදු අවම කිරීමට පවා මුලික වුයේ මහින්දය. ආණ්ඩු 03 ක් සමඟ ක්‍රියාකළ එකම රාජතාන්ත්‍රිකයා ද ඔහුය. ඇමෙරිකාව හා ලෝකය සමඟ ඔහු ගොඩනගා ඇති සබදතා ජාලය ද අසාමාන්‍යය.ඇමෙරිකානු තානාපතිකමේ කාලය නිමවීමට පෙර ඉන් ඉවත්වී ජූලි 31 දා ඔහු ඇමෙරිකාවෙන් සමුගැනීමට නියමිතය.
ලොව අසීරුම වැඩ කරලා පෙන්වූ මහින්ද වැනි දක්ෂ අවංක අත්දැකීම් බහුල හා චෝදනාවට ලක් නොවූ අයෙකු බිළිබා ගැනීමට විපක්ෂයේ බොහෝ පක්ෂ මෙන්ම ආණ්ඩුව ද දැල එළා තිබේ. මහින්ද සමරසිංහ ගේ කරණම කුමක්දැයි රටම බලා සිටින්නේ එවැනි පසුබිමකය.
