අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඇමරිකාව සමග තීරු බදු අඩු කර ගැනීම ජනපති අතට ගනී

ඇමරිකාව සමග තීරු බදු අඩු කර ගැනීම ජනපති අතට ගනී

තීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් ජනපති සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ තානාපති අතර මාර්ගගත සාකච්ඡාවක් එක්සත් ජනපදය විසින් මෙරට අපනයන මත පනවනු ලැබූ තීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති…

තීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් ජනපති සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ තානාපති අතර මාර්ගගත සාකච්ඡාවක්

එක්සත් ජනපදය විසින් මෙරට අපනයන මත පනවනු ලැබූ තීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) තානාපති ජේමිසන් ග්‍රියර් (Jamieson Greer) මහතා අතර මාර්ගගත සාකච්ඡාවක් ඊයේ (25) පස්වරුවේ පැවැත්විණි.

මෙරටට පනවා ඇති තීරුබදු අඩු කර ගැනීම සහ දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වර්ධනය කර ගැනීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය.

මෙම මාර්ගගත සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ යන මහත්වරු සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR)නිලධාරීහුද සම්බන්ධ වූහ.

- ජනාධිපති මාධ්‍ය අංශය -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න