ඇමරිකාවේ ශ්රී ලංකා තානාපති මහින්ද සමරසිංහට වොෂින්ටනයේ දී විශේෂ සමු දීමක්..!

සිය ධූරයෙන් ඉල්ලා අස් වන මහින්ද සමරසිංහ වෙනුවෙන් වොෂින්ටන් බෞද්ධ විහාරයේ සමු ගැනීමේ උත්සවයක් ඇමරිකාවේ ශ්රී ලංකා තානාපති ලෙස සේවය මහින්ද සමරසිංහ මහතා සිය ධුර කාලය අවසන් වීමට තවත් හයමසක් තිබිය දී එම…
සිය ධූරයෙන් ඉල්ලා අස් වන මහින්ද සමරසිංහ වෙනුවෙන් වොෂින්ටන් බෞද්ධ විහාරයේ සමු ගැනීමේ උත්සවයක්
ඇමරිකාවේ ශ්රී ලංකා තානාපති ලෙස සේවය මහින්ද සමරසිංහ මහතා සිය ධුර කාලය අවසන් වීමට තවත් හයමසක් තිබිය දී එම ධූරයෙන් ඉල්ලා අස් වූ අතර ඔහු ඒ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ද නිල වශයෙන් දැනුම් දී තිබිණ.
මහින්ද සමරසිංහ මහතා ගෙවුණු වකවානුවේ දී ඇමරිකාවේ ශ්රී ලංකා තානාපති ලෙස කළ මෙහෙවර සහ ඔහු තනතුරු බදා ගෙන නොසිටීම අගය කරමින් ඇමරිකාවේ වොෂින්ටන් ඩී.සී. බෞද්ධ විහාරය ඔහු වෙනුවෙන් විශේෂ සමු ගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබේ.
මහා සංඝ රත්නය, ශ්රී ලාංකික ප්රජාව සහ ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය 2026 ජූලි 11 දින ඇමරිකාවේ වොෂින්ටන් ඩී.සී. බෞද්ධ විහාරයේ පැවැත්වීමට නියමිතය.
