ඇමරිකාවේ කැපිටල් ගැසට් පුවත්පත් ආයතනයට වෙඩි ප්‍රහාරයක්...!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

පුද්ගලයින් 05 ක් ජිවිතක්ෂයට (නිලන්ති චන්ද්‍රසේන) අමෙරිකාවේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ පිහිටි කැපිටල් ගැසට් නම් පුවත්පත් ආයතනය තුළට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. එම වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය…
පුද්ගලයින් 05 ක් ජිවිතක්ෂයට
(නිලන්ති චන්ද්‍රසේන)
අමෙරිකාවේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ පිහිටි කැපිටල් ගැසට් නම් පුවත්පත් ආයතනය තුළට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.
එම වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ පිහිටි කැපිටල් ගැසට් නම් අමෙරිකානු පුවත්පත් කාර්යාලයේ ප්‍රවෘත්ති කාමරයට දුම් බෝම්බ කිහිපයක් ද මූනිස්සම් තුවක්කුවක්ද රැගෙන පැමිණි ප්‍රහාරකයා වීදුරු දොරක් තුළින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.
මෙම අවස්ථාවේ එහි සේවකයින් විසිදෙනකු පමණ රැඳී සිට ඇත. මෙයට අමතරව එම ගොඩනැගිල්ලේ සිටි 170 ක් පමණ දෙනා ආරක්ෂිතව ඉවත් කළ බව ද බලධාරීහු පවසති.
ප්‍රහාරකයා 20 හැවිරිදි ජැරඩ් රැමෝස් නම් පුද්ගලෙකු වන අතර මේ වන විට ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බව මේරිලෑන්ඩ් පොලීසිය සඳහන් සඳහන් කරයි.මොහු 2012 අවුරුද්දේ මෙම පුවත්පත් ආයතනයට විරුද්ධව නඩු කියූ අයෙකු වේ.
ඒ අනුව මෙය සිතා මතා සැලසුම් සහගතව සිදුකරන ලද්දක් බවද පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් අමෙරිකානු ජනපතිගේ මාධ්‍ය ලේකම් සාරා සැන්ඩර්ස් මෙය අහිංසක මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාරයක්පවසා සිටි. සිත් පිත් නැති ප්‍රචණ්ඩකාරී දුෂ්ඨ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බවත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සාරා සැන්ඩර්ස් කියා සිටියා ය.
කැපිටල් ගැසට් ආයතනය 1884 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර "ද කැපිටල්" නම් දිනපතා පුවත්පත ද ඇතුළුව පුවත්පත් ගණනාවක් මෙම ආයතනය ප්‍රකාශයට පත් කරයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1