අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඇමරිකානු තානාපතිනිය හදිසියේම විපක්ෂ නායක හමු වුණේ ඇයි..?

ඇමරිකානු තානාපතිනිය හදිසියේම විපක්ෂ නායක හමු වුණේ ඇයි..?

බල පෙරළියක් ද..? ඇමරිකාවේ සහය ජනපතිට ද විපක්ෂ නයකට ද..? වාර්තාව අනුව තීරණය ඔබේ අතේ..! විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් (Julie Chung) මහත්මිය අතර විශේෂ…

බල පෙරළියක් ද..?

ඇමරිකාවේ සහය ජනපතිට ද විපක්ෂ නයකට ද..?

වාර්තාව අනුව තීරණය ඔබේ අතේ..!

ඇමරිකානු තානාපතිනිය හදිසියේම විපක්ෂ නායක හමු වුණේ ඇයි..?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් (Julie Chung) මහත්මිය අතර විශේෂ සහ හදිසි හමුවක් සඳුදා (02) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු සිදු විය.

එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන, ආර්ථික සහ සමාජ අර්බුදයන්ට අදාළව කරුණු රැසක් සම්බන්ධයෙන් දෙපාර්ශවය දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරුණු අතර රජයේ ආර්ථික වැඩ පිළිවෙළ හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව ඇති ආකාරය සේම රජයේ දූෂණය සහ මර්දනය පිළිබඳව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය දැනුම්වත් කළේය.

දැන්වීම

ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මැතිවරණ කල් දැමීමත්, ජනතාව මර්දනය කරමින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන විවිධ අණ පනත් පිළිබඳවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් (Julie Chung) මහත්මිය දැනුම්වත් කළේය.  

මෙම හමුවට මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී මැතිව් හින්සන්, සමගි ජන බලවේගයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා සහ විපක්ෂ නායක ලේකම් ජනාධිපති නීතීඥ තිසත් විජයගුණවර්ධන යන මහතුවරු ද එක්ව සිටියහ. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඇමරිකානු තානාපතිනිය හදිසියේම විපක්ෂ නායක හමු වුණේ ඇයි..? | Lanka Newsweek