අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඇමතිකම් නැතිව පොහොට්ටු මන්ත්‍රීන්ට යකා නැගලා

ඇමතිකම් නැතිව පොහොට්ටු මන්ත්‍රීන්ට යකා නැගලා

කැබිනට් ඇමති ධුර මෙතෙක් නොලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් කනස්සල්ලට පත්ව සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. කැබිනට් අමාත්‍ය ධුර සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ…

කැබිනට් ඇමති ධුර මෙතෙක් නොලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් කනස්සල්ලට පත්ව සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

කැබිනට් අමාත්‍ය ධුර සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනකුගේ නම් මීට සති ගණනාවකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කරනු ලැබ ඇති අතර එහෙත් මෙතෙක් එම ඇමති ධූර නොලැබීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරු දැඩි කනස්සල්ලෙන් පසු වෙති.

කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් තිස් දෙනාගෙන් දහ අට දෙනකු දැනටමත් පත් කර ඇති අතර, තවත් පත් කිරීමට ඉතිරිව ඇත්තේ දොළොස් දෙනෙකි.

දැන්වීම

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඒ සඳහා මන්ත්‍රීවරුන් දොළොස් දෙනකුගේ නම් යවා ඇතත්, අනෙකුත් පක්ෂවලටද අමාත්‍ යධුර කිහිපයක් දීමට සිදු වන නිසා, එම ඇමති සංඛ්‍යාව අටක් පමණ දක්වා අඩු වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැන ගන්නට තිබේ. 

අනෙකුත් පක්ෂ නියෝජනය කරන ඒ එල් .එම්. අතාවුල්ලා, ජීවන් තොන්ඩමන්, වජිර අබේවර්ධන සහ දුමින්ද දිසානායක යන මහත්වරුන්ටද කැබිනට් ඇමති ධුර හිමි වීමට නියමිතව ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරයෙන් අනතුරුව කැබිනට් ඇමතිවරුන් පත් කරනු ඇතැයි ද වාර්තා වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ඇමතිකම් නැතිව පොහොට්ටු මන්ත්‍රීන්ට යකා නැගලා | Lanka Newsweek