ආසියානු යොවුන් පැරා ශූරතාවලියට ශ්‍රීලංකා කණ්ඩායම ඩුබායි යයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(අශාන්ති වර්ණසුරිය) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී දෙසැම්බර් 10 සිට 14 දක්වා පැවැත්වෙන 03 වැනි ආසියානු යොවුන් පැරා තරඟාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට…
(අශාන්ති වර්ණසුරිය)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී දෙසැම්බර් 10 සිට 14 දක්වා පැවැත්වෙන 03 වැනි ආසියානු යොවුන් පැරා තරඟාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ක්‍රීඩා අමාත්‍යංශයේ පූර්ණ අනුග්‍රහය ඇතිව අද (08) වැනිදා ඩුබායි බලා පිටත් විය. වයස අවුරුදු 20 ට අඩු විවිධ ආබාධ සහිත ආසියානු රටවල් 40ක 600 කට අධික පිරිසක් මෙවර තරඟාවලිය සඳහා ඩුබායි වෙත පැමිණීමට නියමිත අතර ශ්‍රී ලංකාව මළල ක්‍රීඩා සහ පිහිණුම් යන ඉසව් දෙක සඳහා තරඟ වදිනු ඇත. තරඟ ඉසව් 10කින් සමන්විත මෙවර තරඟාවලිය වෙනුවෙන් පවත්වන සෙසු ඉසව් වනුයේ බොක්සියා, ගෝල් බෝල්, දුනු ශිල්පය, චෙස්, බැඩ්මින්ටන්, 10 පින් බෝලිං, සවි එසවීම සහ ටේබල් ටෙනිස් වේ. ශ්‍රීලංකා කණ්ඩායමේ යෝෂිත ප්‍රභාත් ( ටී54 කාණ්ඩය ) 2013 වසරේ මැලේසියාවේදී පැවැති 02වැනි ආසියානු යොවුන් පැරා තරඟාවලියේදී හෙල්ල විසිකිරීම, යගුලිය දැමීම සහ මීටර් 100 දිවීමෙන් ලෝකඩ පදක්කම් 03ක් දිනා ඇත. ඩුබායි බලා පිටත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය. පී.ඩබ්. ප්‍රදීප් සෝමසිරි ( ටී46 කාණ්ඩය මී.200,මී.400 ), යූ.ඩී යෝෂිත ප්‍රභාත් ( ටී54 හෙල්ල විසිකිරීම , යගුලිය දැමීම, මී. 100 ), ඒ.එල්. අයි.බී. ලියනගේ ( ටී46 මී.100, මී.200, දුර පැනීම ), එන්.එම්.අයේෂා දමයන්ති ( ටී42 යගුලිය, හෙල්ල, කවපෙත්ත ), ඩී.ජී.රසාංජලී අනුපමා ( එම්.ආර්.අයි. මී400, මී1500, දුර පැනීම ), කේ.ඒ. නිරෝෂා දිල්හානි ( අඟල් 25 කාණ්ඩය මී.100, කවපෙත්ත, යගුලිය ), නවීඩ් රහීම් ( එස්.44 මී.100 නිදහස් , සමනළ හා පසුපස ආර ) මීට අමතරව කණ්ඩායම් කළමණාකරු ලෙස ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ ලේකම් ලුතිතන් කර්නල් ධනංජය අළුදෙනිය මහතා, මලල ක්‍රීඩා භාර හා කාන්තා කළමණාකාරිය ලෙස ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ ක්‍රීඩා ප්‍රවර්ධන නිළධාරිනී නාලිනී රණසිංහ මෙනවිය, මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස ජී.ඩී.නෙල්සන් මහතා හා පිහිණුම් පුහුණුකරු ලෙස එල්.වී.ප්‍රනාන්දු මහතාත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඩුබායි බලා පිටත් විය . Attachments areaලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1