ආර්ථික වර්ධන වේගය ගැන කරුණු හෙළිදරව් කිරීමේ වගකීම ආණ්ඩුවේ ද - මහා බැංකුවේ ද..?

මහා බැංකුවේ සංචිත ගැන කතා කරන මහා බැංකුව සහ එහි අධිපතිවරයා රටේ ආර්ථික වර්ධන වේගය ගැන කතා නොකරන්නේ එම ආර්ථික වර්ධනය ගැන සංඛ්‍යාත්මකව කරුණු හෙළිදරව් කිරීම ආණ්ඩුවේ වගකීමක් කියා සිතා ගෙන දැයි හිටපු මුදල්…
මහා බැංකුවේ සංචිත ගැන කතා කරන මහා බැංකුව සහ එහි අධිපතිවරයා රටේ ආර්ථික වර්ධන වේගය ගැන කතා නොකරන්නේ එම ආර්ථික වර්ධනය ගැන සංඛ්‍යාත්මකව කරුණු හෙළිදරව් කිරීම ආණ්ඩුවේ වගකීමක් කියා සිතා ගෙන දැයි හිටපු මුදල් අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා ප්‍රශ්න කර සිටී.
හිටපු මුදල් අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා මෙසේ ප්‍රශ්න කලේ කොළඹ දී පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකදී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
උද්ධමනය වැඩි වෙලා..ආර්ථික වර්ධනය ගැන කවුද කතා කරන්න ඕනේ..? මහා බැංකුවේ සංචිත ගැන ප්‍රකාශයක් කරලා තියෙනවා..වර්ධන වේගය ගැන කියන්නේ ආණ්ඩුවද..? වී මිලදී ගැනීම් පිළිබඳ ආණ්ඩුව ඍජු පිළිතුරක් දිය යුතුයි. ගොවියාව කොහොමද මේ අවස්ථාවේ තෘප්තිමත් කරන්නේ..? කොහොමද පාරිභෝගිකයා ගැන හිතන්නේ..? බස් ගාස්තු වැඩි වෙලා, ජීවන වියදම දිනෙන් දින වැඩි වෙනවා. මහා බැංකුව කියනවා මේක පාලනය වෙලා කියලා.
දැන්වීම
පළාත් සභා ඡන්දය තිබිය යුතුයි. නීතිගත Online Safety Act එක ගැන යුරෝපා සංගමයේ කතා කරලා තියෙනවා.පාර්ලිමේන්තු පුස්තකයෙත් තියෙනවා න්‍යාය පත්‍රයේ .ජනතාව මේකේ ප්‍රතිලාභය මොකක්ද කියලා බලාගෙන ඉන්නවා. ආර්ථිකයෝ ශක්තිමත් කරනවා වර්ධනය කරනවා වගේම උද්ධමනයේ වැඩිවීමක් වෙලා තියෙනවා..
මේක ඉතාමත් තීරණාත්මක අවස්ථාවක්. වී මිල සම්බන්ධයෙන් සෘජු උත්තරයක් තියෙන්න ඕනේ. එකසිය පනහට එදා දෙන්න හොඳ නම් ඇයි අද දෙන්න බැරි..? ඉල්ලුම සැපයුම අනුව කටයුතු කරන්න ඕන. සමගි ජන බලවේගයට සහ එක්සත් ජාතිය පක්ෂයට නායකත්වයක් අවශ්‍යයි. ප්රජාතන්ත්රවාදය තියෙනවා නම් මැතිවරණ තියෙන්න ඕනේ.
පොලිස්පතිවරයාගේ මරණය සංවේදී අවස්ථාවක්. ඇත්ත නැත්ත කිරීමක්. මාධ්‍යයටත් මේ ගැන කණගාටු වෙන්න වෙයි..! දෙමළ පක්ෂයක ඒකරාශී වෙනවයි කිව්වට කොහෙද ඒකරාශී වෙන්නේ කියලා ප්‍රකාශ කරලා නෑ. පක්ෂ එකට එකතු වෙලා තමයි ජනතා ජයග්‍රහණය ඇති කරන්න ඕනේ.