අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආපු ගමන් හිරේ යවනව කිව්ව මහින්ද අනුරට නැවතත් ආර්ථිකේ ගැන ටියුෂන් දෙයි

ආපු ගමන් හිරේ යවනව කිව්ව මහින්ද අනුරට නැවතත් ආර්ථිකේ ගැන ටියුෂන් දෙයි

හිටපු භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබේ. X සටහනක් තබමින් මහින්ද සිරිවර්ධන මහතා පවසන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය…

හිටපු භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී තිබේ.

X සටහනක් තබමින් මහින්ද සිරිවර්ධන මහතා පවසන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක නිරත වීමට හැකි වූ බවයි. එහිදී ශ්‍රී ලංකා ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාර වර්ධනය ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතුළුව අභියෝග, අවස්ථා සහ ඉදිරි මාර්ග පිළිබඳව අදහස් හුවමාරු කර ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ නමුත් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කළේ ජනාධිපති රනිල් යටතේ භාණ්ඩාගාර ලේකම් ලෙස කටයුතු කළ මහින්ද සිරිවර්ධන මහතාට තමා බලයට පැමිණි වහාම සිරගත වීමට සුදානම්ව සිටින ලෙසයි. පසුව ජනාධිපති අනුර යටතේද භාණ්ඩාගාර ලේකම් ලෙස දිගටම කටයුතු කළ ඒ මහතා පසුගිය වර්ෂයේ විශ්‍රාම යාමෙන් අනතුරුව මෙලෙස බ්‍රහස්පතින්දා (22) නැවත ජනාධිපතිවරයාව හමුවී තිබේ.

ආපු ගමන් හිරේ යවනව කිව්ව මහින්ද අනුරට නැවතත් ආර්ථිකේ ගැන ටියුෂන් දෙයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න