ආපු ගමන් ඇතුලට දාන්න හිටපු කෙනෙක් ගැන දැන් කියන කතාව

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මේ මස අගදී සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කළේය. අනතුරුව ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂකවරණ ලෙස වැඩ භාර ගනු ඇති…
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මේ මස අගදී සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කළේය.
අනතුරුව ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂකවරණ ලෙස වැඩ භාර ගනු ඇති බවත් ජනාධිපතිවරයා කියා සිටියේ අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ‘ජාතික බදු සතිය’ සමාරම්භක අවස්ථාවේදීය.
ජනාධිපතිවරයා එහිදී මෙසේද කියා සිටියේය.
දැන්වීම
“එතුමා කියූ පරිදි මෑත ඉතිහාසයේ සහ ලෝක ඉතිහාසයේ බදු අඩු රාජ්‍ය බවට අපි පත්වුණා. එය නැවත යම් සාධාරණ බද්දකට අපේ රට පරිවර්තනය කිරීම සඳහා වූ වෙහෙසක් ආයතනික ප්‍රතිසංස්කරණයන්, නීතිමය ප්‍රතිසංස්කරණ විශාල ප්‍රමාණයක් අපේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඉටුකළා, මහින්ද සිරිවර්ධන මැතිතුමා.“
එතුමා ගැන කියන්න ඕනේ මේ කාර්යයේ දී, මම හිතන්නේ මේ මාසේ අග එතුමා, අපේ මුදල් අමාතාංශ ලේකම් ධූරයෙන් විශ්‍රාම යනවා. එතුමා ආසියානු සංවර්ධන බැංකුවේ. විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙක් හැටියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7ක් නියෝජනය කරමින්, ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂ ධූරයක් දැරීම සඳහා එතුමා මේ මාසේ අග යනවා.
මේ අවස්ථාව මම උපයෝගී කරගන්නවා එතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න. මේ බදු ප්‍රතිසංස්කරණයන් සිදුකිරීමේ දී එතුමා විසින් සිදුකරන ලද කාර්යභාරය අපි අගයන්න ඕනේකම තිබෙනවා.“
එහෙම තමයි ඉතින්, තමන් හරි දේ කරනවා නම් කට්ටිය මොනතරම් බොරු අවලාද නැගුවත් ඒ අයගේ කටින්ම ප්‍රශංසා කරන්න සිද්ධ වෙනවා..!
මේක හොඳ ආදර්ශයක් ඒකට..! මහ බැංකුව අධිපතිවරයාටත් සිදු කරන ලද අපහාස මුළු රටක්ම දන්නවා..! අද එතුමන්වත් වර්ණනා කිරීමට සිදු වී තිබීම, කවදා හෝ සත්‍ය ජය ගනී යන්නට හොඳම නිදසුනක්..!