ආපදා කළමනාකරණය ගැන රවීගෙන් අනුරට පාඩමක්..!

දෙසැම්බර් මාසේ 18 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවමින් කථානායක ජගත් වික්‍රමරත්න ගිය 12 වෙනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16ය…
දෙසැම්බර් මාසේ 18 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවමින් කථානායක ජගත් වික්‍රමරත්න ගිය 12 වෙනිදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16ය ප්‍රකාරව දෙසැම්බර් 18 වෙනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව කැඳවන බව අදාල ගැසට් නිවේදනයේ සදහන් වෙනවා.
මීට කලින් පාර්ලිමේන්තුව කැඳවන දිනය විදිහට යොදාගෙන තිබුණේ ලබන අවුරද්දේ ජනවාරි 06ය.ආපදාවට පත්වෙලා ඉන්න ජනතාවට සහන සැලසීම සම්බන්ධව සාකච්ඡා කරන්න පාර්ලිමේන්තුව කැඳවන්න කියලා විපක්ෂය පැත්තෙන් දිගටම ඉල්ලුවා.සජිත් සහ නාමල් පැහැදිලිවම ඒ ඉල්ලීම කළා.තවත් අය කරන්න ඇති.මුලදී ඒ ඉල්ලීම නොසලකා හැරිය ආණ්ඩුව දැන් රිවස් ගියර් එකට ගිහින්.මේ වෙලාවේ ඇත්තටම පාර්ලිමේන්තුව කැඳවන්න ගත්ත තීරණය හොඳයි.
ආණ්ඩුව සුළි කුණාටුවෙන් උන හානිය අවම කරගන්න ප්‍රමාණවත් මැදිහත්වීමක් වුනේ නෑ.ඒ චෝදනවට බයේ ආණ්ඩුව පාර්ලිමේන්තුව අයවැයෙන් පස්සේ කැදෙව්වේ නෑ.ආණ්ඩුව පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතිව දිගටම වහලා තිබ්බත් ආණ්ඩුවට එල්ලවෙන ඒ චෝදනාවෙන් ගැලවෙන්න නං බෑ.දැන් පාර්ලිමේන්තුව අභිබවා යන තැනට අපේ රටේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය ප්‍රබලවෙලා තියනවා.
දැන්වීම
ඒ විතරක් නෙවෙයි දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත්වුන අය ආණ්ඩුවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න සුදානම් වෙනවා.ඒ මොනවා උනත් පාර්ලිමේන්තුව කැදවීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ විපතට පත්වුන ජනතාවට සහන සලසන වැඩපිලිවෙල විදිමත් කරන්න නම් විපක්ෂය ඊට අනිවාර්යෙන්ම සහය දෙන්න ඕනි.ඇත්තටම මේ තක්කඩ් ආණ්ඩුවට නැති සාධනීය යෝජනා විපක්ෂයට තිබුණා.ඒ විතරක් නෙවෙයි විපක්ෂය පැත්තෙන් ඒ යෝජනා කුහක නොවී ආණ්ඩුවට ඉදිරිපත් කළා.
හැබැයි ආණ්ඩුවේ තියන උද්දච්චකම හින්දා ඒවා ක්‍රියාත්මක නොකලා සහ ඒවා ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද කළා.අයවැය විවාදයේ අවසන් සති දෙක ඒ කියන්නේ නොවැම්බර් අවසන් සතියේ සහ දෙසැම්බර් මුල් දින පහ අයවැයට වඩා අවධානය යොමුවුනේ දිට්වා සුළි කුණාටුව ගැන.එතනදී නැවත අවධාරණය කරන්න ඕනි වැදගත් යෝජනා කීපයක් විපක්ෂය පැත්තෙන් ආවා. ඒවා නැවත මතක් කරලා 18 වෙනිදාටවත් ඒවා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා රටේ රාළ අනුරගෙන් ඉල්ලනවා.
අපේ රටේ ආපදා තත්වය සම්බන්ධව පසුගිය යහපලාන රජය යටතේ ගත්ත සාධනීය පියවරක් සම්බන්ධව හිටපු මුදල් ඇමති රවී කරුණානායක පාර්ලිමේන්තුවට අවධාරණය කළා.රවීට කිව්වේ අපේ රටේ ඇතිවෙන ආපදා තත්වයන් සම්බන්ධව විශ්ලේෂණයක් යහපාලනය ආණ්ඩුවෙන් කළා කියලයි.2003 ගං වතුර,2004 සුනාමිය,2010 ගං වතුර,2016 නායයෑමත් එක්ක ආපු මහ ගංවතුර ඊට නිදසුන්.ඊට පස්සේ උනත් කොවිඩ් ආවා.2020 එක්ස්ප්‍රස් ෆර්ල් නැවේ ගින්න හටගත්තා.
දැන් දිට්වා ඇවිත් තියනවා.දශක දෙකක් වගේ කෙටි කාලයක් ඇතුලත දිගින් දිගටම රටට එන ආපදා තත්වය වෙනුවෙන් රවී මුදල් ඇමති විදිහට 2015දී ප්‍රථම වතාවට ස්වාභාවික ආපදා රක්ෂණ ස්කීම් එකකට අපිව රටක් විදිහට සම්බන්ධ කරලා තියනවා.රවී කියන විදිහට ලෝකයේ රටවල් 222 කින් අපි තමයි මේ රක්ෂණ ක්‍රමය ආරම්භ කරලා තියෙන්නේ.2016 පටන් ගත්ත මේ රක්ෂණ ක්‍රමය වෙනුවෙන් අපි ඉන්ෂුවරන්ස් ප්‍රිමියම් එක විදිහට මිලයන 330ක් ගෙවලා තියනවා.
ඒ අනුව අපි 2016 කොලොන්නාවට ආපු ගං වතුරට සහ කොස්ගොඩ ඇතිවුන විපත්වලට මිලියන 5500ක රක්ෂණ වන්දියක් අපි ලබාගෙන තියනවා.ඊට අමතරව 2017දී මිලියන අටසීයකට වැඩිය අපේ ප්‍රිමියම් එක ගෙවද්දී මිලියන 6800ක් 2017 ආපදාව වෙනුවෙන් අපට රක්ෂණ වන්දි ලැබිලා තියනවා.ඊට පස්සේ ආපු ආණ්ඩුව ඒක නවත්තලා.ඇත්තටම ඒක අපරාධයක්. මේ රටේ දේශපාලනයේ තියන කුහකකම් විසින් පෙර තිබුණ ආණ්ඩුවක් කරපු හොඳ වැඩක්වත් ඉස්සරහට ගෙනියන්නේ නෑ. ඉතිහාසයට සාප කරමින් පිස්සු නටන එක එදත් අදත් අපේ දේශපාලනඥයිගේ හැටියක්.
ඒක මේක මාලිමා ආණ්ඩුවෙන් කරපු වරඳක් නෙවෙයි.හැබැයි දැන් මාලිමා ආණ්ඩුවට පුළුවන් ඒ වරඳ නිවැරදි කරලා ජාතික ආපදා රක්ෂණය සක්‍රීය කරන්න.රටේ රාළ දැක්ක විදිහට රවී ඒ සියල්ල සභාගත කළා.මේ වෙලාවේ අපේ රටේ ණය බර අපට දරාගන්න බැරි සීමාවට ඇවිත් තියනවා.ඒක නිසා අපිට ලෝකයට කියන්න සිද්ධවෙලා තියනවා මේ විපතේදී ණය විදිහට දෙන මොකුත් එපා දෙන දෙයක් ආධාර විදිහට දෙන්න සහ හැකි උපරිමයෙන් කෑෂ් විදිහට දෙන්න කියලා.
හැබැයි රටේ රාළ හිතෙන්නේ යහපාලන ආණ්ඩුවට යටතේ රවීලා හදපු ජාතික ආපදා රක්ෂණ ස්කීම් එක ඇතුලේ ප්‍රශ්නයට සැලකිය යුතු විසදුමක් තියනවා කියලයි.ඒ වැඩේ අපි දිගට පවත්වාගෙන ආවා නම් මේ මොහොතේ ආණ්ඩුවට තියන පීඩනය ගොඩක් දුරට අඩු ගරගන්න තිබුණා.
ඇත්තටම ලෝකය ඇතුලේ දේශගුණික විපර්යාස වේගවත් වෙමින් තියනවා.මේ තත්වයට අපි හැම පැත්තෙන්ම විකල්පවලට යන්න ඕනි.දැන් ස්වභාවික විපත් එන්නේ කොයි වෙලාවේද,කොහොමද කියලා කියන්න බෑ.අපි සුනාමිවලින් ඉගෙන ගත්තේ නැති පාඩම දිට්වාවලින් හරි ඉගෙන ගන්න ඕනි. රවී කියන කතාව ඇත්ත.මෑත ඉතිහාසයේ අවුරුදු හතරෙන් හතරට වගේ අවම වශයෙන් අපි මහා පරිමාණ ස්වාභාවික ආපදාවකට ලක්වෙලා තියනවා.අපදාවකදී කලින් දත්ත ලබාගෙන හානිය අවම කරගන්නවා වගේම ආපදාව තුලින් රටේ ආර්ථිකයට වෙන හානිය පියවා ගන්න විකල්ප ක්‍රියාමාර්ග අපිට තියෙන්න ඕනි.
ඒක ආණ්ඩුවකට විශාල සහනයක්.
එතනදී රවී කියන්නේ හොඳ විකල්පයක්.රටේ රාළ කියන්නේ රවී යූඑන්පීකාරයා කියන එක නෙවෙයි ගන්න ඕනි.රවී කියන එක ඈතුලේ තියන ප්‍රායෝගික විසදුමයි.රවී ඇත්තටම ආර්ථික ප්‍රශ්න විවේචනය කරනවා විතරක් නෙවෙයි.මොන ආණ්ඩුව තිබුණත් ඒකට උත්තරයත් කියනවා.ඒ ලක්ෂණය රනිල්ගෙත් තිබුණා.රවීට විචේචන තියනවා නං ඔයාලට ඕනි විදිහකට රවීව පට්ට ගහගන්න.හැබැයි මෙතන ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් තියනවා.මොකද රවීලා මේ insurance ස්කීම් එකෙන් රටට ප්‍රතිලාභ ගෙනත් දීලා තියනවා.ඇත්තටම ඒක හානිපූර්ණයේදී ආණ්ඩුවකට ලොකු හයියක්.
රවි පාර්ලිමේන්තුවේ කිව්වා ඒක ගැන එයාලා පවා නොදැන ඉන්න වෙලාවක විදේශගතව ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඒ අවස්ථාව ගැන පෙන්වලා දුන්නා කියලා.ඒ අයගේ නම් පවා සභාගත කළා.එහෙම තමයි මිනිස්සුන්ට වටිනාකම් දෙන්න ඕනි.
එයාලා කරපු යෝජනාවට මෛත්‍රී - රනිල් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අනුමැතිය දීලා තියනවා.ඒකෙන් රටේ විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කරන්න පුළුවන්වෙලා තියනවා.අනුර තව වැඩිකාලයක් ජනාධිපති විදිහට හිටීද නොහිටීද කියන්න තවම බෑ.භැබැයි ඉතින් නොහිටියත් අනුර මෙහෙමවත් දෙයක් කළොත් ඒ ගැන අපේ රටේ ජනතාව කතාකරයි.විපක්ෂය පැත්තෙන් රවී ගෙනත් තියන මේකේ ගෞරවය රවීට දෙන්න ඕනිත් නෑ.ඒකත් අනුරම ගන්න.හැබැයි වැඩේ ක්‍රියාත්මක කරලා ගෞරවය ගන්න.
අලාහය ප්‍රතිපූර්ණය කරගන්න ප්‍රති රක්ෂණ ක්‍රම කියන ඒවා සාමාන්‍ය ජීවිතයේදී උනත් දැන් සුළභ දෙයක්.රටකටත් එහෙම පුලුවන් නම් ඒකත් ලොකුම ලොකු දෙයක්.
රටේ රාළ කියන්නේ දැන්වත් ඇඟිල්ල දික් කරලා හඳ පෙන්නනකොට හඳ දිහා නොබලා ඇඟිල්ල දිහා බලන ජවිපෙ මෝඩ තියරිය නවත්තන්න.මේ රට හදන්න කාගේත් සහය ගන්න. මෙතනදී ස්වාභාවික ආපදා තත්වයන්ට මුහුණ දීම පිලිබඳව ශ්‍රී ලංකාවේ කලින් සුදානම් කිරීම අවශ්‍යයි.සෘජු හානි සහ පාඩු තක්සේරු කිරීමේ පද්ධතියක් අවශ්‍යයි.රක්ෂණ ක්‍රමයක් තුල ප්‍රති රක්ෂණ මගින් ආපදාව පියවා ගැනීමේ ක්‍රමයක් අවශ්‍යයි.ජාතික ස්වාභාවික ආපදා සහ විනාශයන් නැවත නැවත රක්ෂණය කරන ක්‍රමයක් අවශ්‍යයි.ඒ සියල්ල ඇතුළත් ආපදා කළමනාකරණයට අදාල උපායමාර්ගයක් දැන් ලෝකයේ තියනවා.
අනුර දැන්වත් බොරු බයිලා නවත්තලා ආපදා කළමනාකරණ විෂය හොදින් අධ්‍යනයය කරන්න ලෑස්තිවෙන්න.සමන්ත විද්‍යාරත්නට එයාගේ වත්තේ තියන පැලුම්වලට පස්දාලා කොටාගන්න කියන්න.ඒ වගේ මැටි වැඩ කරලා නාය යෑම් නතර කරන්න බෑ.ආපදා කළමනාකරණ කියන්නේ දැන් ඉතා පළල් විෂයක්.ඒ ගැන දන්නේ නැත්තං දන්න මනුස්සයෙක්ගෙන්, ප්‍රායෝගික අත්දැකීම් තියන මනුස්සයෙක්ගෙන් හොරෙන් හරි උපදෙස් ගන්න නිහතමානී වෙන්න අනුර.