අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සලසන්න

ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සලසන්න

විපක්ෂ නායක රුසියානු තානාපතිවරයා හමුවෙයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Mr. Levan Dzhagaryan මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂ හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු…

විපක්ෂ නායක රුසියානු තානාපතිවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Mr. Levan Dzhagaryan මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂ හමුවක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු විය.

මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රුසියානු තානාපතිවරයා වෙත දිට්වා සුළි කුණාටුව නිසා මෙරට ඇති වූ ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කර නැවත ජන ජීවිත නගා සිටුවීමටත් විනාශ වූ දුම්රිය සහ මාර්ග පද්ධතිය යථා තත්ත්වයට ගැනීමට සහ හානියට පත් යටිතල පහසුකම් නගා සිටුවීම සඳහා සහයෝගය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

එසේම මේ අසීරු අවස්ථාවේ රුසියානු රජය විසින් මෙතෙක් ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සිය ස්තූතිය රුසියානු තානාපති Mr. Levan Dzhagaryan මහතා වෙත එක් කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී කටයුතු කළේය. 

දීර්ඝ කාලීන මිතුරන් ලෙස දෙරට අතර ඇති වෙළෙඳ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට උපකාර කරන ලෙසත් ඒ තුළින් වැටී ඇති රට නැවත නගා සිටුවීමට විශාල පිටුබලයක් ලැබෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න