ආපදාවලට මුහුණ දෙන්න පූර්ව සූදානම් නව වැඩ පිළිවෙළක් රටට අවශ්‍යයි

- විපක්ෂ නායක පෙන්වා දෙයි - මේ වන විට වැව් අමුණු රාශියක් වේලි ගොස් නියගයක අනතුරු ඇගවීම් විශේෂඥයන් සේම පරිසරවේදින් පවා සිදු කරන නිසා මේ එල්නීනෝ ලානීනා ගැටලුව අවබෝධ කර ගත යුතු බවත් එය විශේෂඥයන් පමණක්…
- විපක්ෂ නායක පෙන්වා දෙයි -
මේ වන විට වැව් අමුණු රාශියක් වේලි ගොස් නියගයක අනතුරු ඇගවීම් විශේෂඥයන් සේම පරිසරවේදින් පවා සිදු කරන නිසා මේ එල්නීනෝ ලානීනා ගැටලුව අවබෝධ කර ගත යුතු බවත් එය විශේෂඥයන් පමණක් නොව ලක්ෂ 220ක් ජනතාව දැනගත යුතු බවත් මේ එල්නීනෝ තත්ත්වය නිසා රටේ එක් කොටසකට වියළි කාලගුණය නිර්මාණය වී ඇති බවත් දේශගුණික විපර්යාස තුළ එල්නීනෝ ලානීනා තත්ත්වයේ බරපතළභාවය මේ වන විට වැඩි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පායන විට පානීය ජල ගැටලු, නියං තත්ත්වය, ජල විදුලියට අවශ්‍ය ජලය අහිමි වීම වැනි ගැටලු වන බවත් ඊට අමතරව එල්නීනෝ ලානීනා තත්ත්වයේ අනෙක් කොටස වන්නේ දරුණු වර්ෂාව බවත් මේ නිසා නායයෑම් ගංවතුර පස්කදු කඩා වැටීම් ආදිය සිදුවන බවත් එල්නීනෝ ලානීනා තත්ත්වය ගැන ජනතාවට හොඳ අවබෝධයක් තිබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද වීරවිල ශ්‍රී විවේකාරාමයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත මුල් ගල් තැබීමේ අවස්ථාව හා එක්වෙමිනි.
දැන්වීම
එල්නීනෝ මාර්තු වගේ ආවා නම් යල කන්නය පවා ගොඩ දා ගන්න බැරි වෙන බවත් දැනට බලපා ඇති එල්නීනෝ තත්ත්වය නිසා ඉදිරි මාස කිහිපයේ වියළි කාලගුණයක් ඇතිව උෂ්ණත්වය පවා ඉහළ යා හැකි බවත් මේ සම්බන්ධයෙන් තමා දැන ගත්තේ විශේෂඥයන්ගෙන් ලබා ගත් තොරතුරු සේම දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු කරක සභාවේදී අනාවරණය කර ගත් තොරතුරුවලින් බවත් එල්නීනෝ නිසා වැව් අමුණු සිදි ගොස් ගස් කොළං විනාශ වී සතා සිව්පාවගේ ආහාර ජල අවශ්‍යතා සීමා වන නිසා මේ සතුන් ගම්වදින බවත් මේ නිසා අලි මිනිස් ගැටුම පවා වැඩි වී අලි මෙන්ම මිනිසුන් ද මියගොස් වගාහානී හා දේපල හානි පවා සිදුවිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපි සුනාමියෙන්වත් පාඩමක් ඉගෙන ගත්තේ නෑ
එල්නීනෝ ලානීනා තත්ත්වය දැන දැන පරණ ආපදා ක්‍රමවේදයට හා නොහැකි බවත් පවතින ආපදා කළමනාකරණ ක්‍රමවේදය අසාර්ථක බවත් දිට්වා තුළින් එය පෙනුනු බවත් 2004 සුනාමි ආව අවස්ථාවේ ඉන් පාඩම් ඉගෙන නොගත් බවත් දැනට ඇති ආපදා කළමනාකරණ යාන්ත්‍රණය යල්පැන ගිය එකක් වන බවත් ආපදාවක් වූ පසු ප්‍රතිචාර දැක්වීම පමණක් සිදුවන බවත් මෙම ප්‍රතිචාර දැක්විමට අමතරව දේශගුණික විපර්යාසවලින් සිදුවන බලපැම් අවම කිරීමට රට පූර්ව සූදානමක් විය යුතු බවත් ආපදාවලට දේශගුණික විපර්යාසලට ශක්තිමත්ව මුහුණ දිය හැකි රටක් ගොඩනැගිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඇයි තවමත් ඩොප්ලර් රේඩාර් පද්ධතිය සවිකර ගන්න බැරි වුණේ..?
ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තය සේ ආපදාවක් පැමිණෙන බව පූර්වයෙන් අවබෝධ කර ගෙන තොරතුරු අනාවරණය කර ගෙන ජනතාවගේ ජන ජීවිත ආරක්ෂා කර ගත යුතු බවත් 2004 සුනාමියක් ඇති වුවත් මෑතක් වන තුරු අප රටට ඩොප්ලර් රේඩාර් පද්ධතියක් නොමැති බවත් ආධාරයක් ලෙස ඩොප්ලර් රේඩාර් පද්ධතියක් ලැබුණත් එය ගොන්ගල කන්දේ සවිකර ගන්නවත් නොහැකි වූ බවත් එය සවිකර ගැනීමට නොහැකි වූ හේතු සෙවිය යුතුබවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ආපදා කළමනාකරණයට නව ව්‍යුහයක් දැන්වත් අවශ්‍යයි
දැන්වත් අලුත් ආකාරයට ආපදා කළමනාකරණය ගැන සිතා නව ප්‍රතිපත්තියක් සකස් කර නව ව්‍යුහයක් සකස් කර නව ආයතන ගොඩනැගිය යුතු බවත් අප රටේ ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ බරපතල භෞතික හා මානව සම්පත් හිගයක් ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නවීන පන්නයේ උපකරණ පවා නොමැති බවත් ලෝක බැංකුවෙන් ලැබුණු ආධාර පවා හරියට ප්‍රයෝජනයට ගෙන නොමැති බවත් මේ සම්බන්ධයෙන් රජය මැදිහත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එල්නීනෝ නිසා උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස වැඩි වෙනවා
මේ වන විට අසාමානය ලෙස උෂ්ණත්වය ඉහළ යන නිසා සිවිල් පුරවැසියන් ලෙස යම් කිසි පියවර ගත යුතු බවත් පානීය ජල පාරිභෝජනය වැඩි කර වැඩිහිටි අය සේම රෝගීන් පරිස්සම් කර ගත යුතු බවත් මේ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ජනතාව මේ ආපදා ගැන දැනුවත් විය යුතුයි
රටේ ගම් 51000ක් ඇති බවත් මේවායේ කුඩා නගර සේම වසම් 14008 සිටින ජනතාව දේගුණික කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් ද දැනගත යුතු බවත් මේවා ගැන කියද්දි සමාජ මාධ්‍යවල වහලුන් විසින් විහිලු තහලු කරන බවත් ඒ සියල්ල අමතක කර ජනතාව දැනුවත් කරන්නේ ජනතාවගේ ජීවිත බේරා ගැනීමට බවත් විපක්ෂ නායකවරයා පැවසිය.
ආපදාවලට මුහුණ දෙන්න පූර්ව සූදානමක් අවශ්‍යයි
පවතින ආපදා කළමනාකරණ ක්‍රමවේදය වෙනස් විය යුතු බවත් රජයට සේම ජනාධිපතිවරයාට කියන බවත් එල්නීනෝ ලානීනා එනතුරු නොසිට දැනට ඇති ආපදා කළමනාකරණ ක්‍රමවේද වෙනස් කර ජනතාවගේ ජන ජීවිත සුරක්ෂිත කරන්න කටයුතු කළ යුතු බවත් මීට වඩා භයංකාර තත්ත්වයන් නිර්මාණය විය හැකි නිසා මේ ගැන පූර්වයෙන් පුරෝකථනය කර ජනතාවගේ ජීවිත සුරක්ෂා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එදා ගොවියා රජතුමා වෙලා අද ගොවියා කසිප්පුකාරයා වෙලා
පසුගිය මැතිවරණ සමයේ සමගි ජන බලවේගය ගොවි ජනතාව සමඟ සමාජ ගිවිසුමක් ඉදිරිපත් කළ බවත් රු. 5000 පොහොර මිටියේ සිට ගොවියාට සහන ස්ථාවර මිලක් දෙනවා කිව්වත් සමහර අය ගොයම් කකා වී කිලෝවට රු. 150ක් දීම රටේ නීතියක් බවට පත් කරනවා කියු නිසා දැන් ඒ අය බලයේ සිටියත් අද වී කිලෝවට රු. 150ක් නොමැති බවත් එදා ගොවියා දෙවියා කියා ගොවියා රජතුමා කියා බලය ගත් ජනතා විමුක්ති පෙරමුණ අද ගොවියා කසිප්පුකාරයා වී ඇති බවත් ඊට අමතරව ගොවියාට තර්ජනය කරන බවත් මාධ්‍යවේදින්ට පවා ගොවි ගැටලු අහන්න නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසිය.
අද වී කිලෝවකින් රු. 17ක් පාඩුයි
අද වී කිලෝවක් නිෂ්පාදනයට රු. 137ක් යන බවට කෘෂිකර්ම ඇමතිවරයා කිව්වත් ඔවුන් වී මිල දි ගන්නේ රු. 120ට බවත් මේ නිසා සෑම වී කිලෝවකින්ම රු. 17ක් පාඩු බවත් මෙය අද ඛෙදවාචකයක් වි ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසිය.
රටේ සහල් අතිරික්තයක් තිබියදී රටින් හාල් ගේන්නේ ඇයි..?
රටේ හාල්වලට ඉල්ලුම මෙට්‍රික් ටොන් ලක්ෂ 25ක් වුවත් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ 32ක් බවත් සහල් අතිරික්තයක් රටේ තිබියදී වත්මන් රජය සහල් පිටරටින් ගෙන්වන බවත් වත්මන් රජය විපක්ෂයේ සිටින විට පවා පිටරටින් ගෙන්වන අයට සාප කළත් අද මේ ජනතා විමුක්ති පෙරමුණු රජයම සහල් මෙට්‍රික් ටොන් 380000ක් රටින් ගෙන්වා ඇති බවත් ඊට අමතරව රටේ වී සේම සහල් මාෆියාවක් ඇති බවත් මේ මාෆියාවට වත්මන් රජය පවා යටවී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.