අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආපදාවට ලක් වූවන්ට වහා සහන ලබා දෙනු

ආපදාවට ලක් වූවන්ට වහා සහන ලබා දෙනු

-නාමල් රාජපක්ෂ- පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අපදාවට ලක්ව සිටින ජනතාව වෙත සහන දීමට සක්‍රීයව සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සියලුම ශ්‍රී…

-නාමල් රාජපක්ෂ-

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අපදාවට ලක්ව සිටින ජනතාව වෙත සහන දීමට සක්‍රීයව සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සියලුම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආසන සංවිධායකවරුන්ගෙන් සහ ග්‍රාමීය නායකයිගෙන් ඉල්ලා සිටියේය

විපතට පත් වූවන්ට සහන සැලසීමට සහ අවශ්‍යතා ඇති අපගේ ජනතාවට සහන සැලසීමට කටයුතු කිරීමට පෙරට එන ලෙසද සිය පක්ෂ සාමාජිකයින්ට නාමල් රාජපක්ෂ මහතා ආරාධනයක්ද කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසෙය.

"ආපදා කළමනාකරණය සහ සහන සේවා සදහා වන රාජ්‍ය වැඩ පිළිවෙළට උපරිම ලෙස සහාය වෙන්න කියල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියලු මට්ටමේ නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා මේ හා සමාන අවස්ථාවලදී අපේ සහන සේවා සහ ප්‍රජා සත්කාර මෙහෙයවීම සම්බන්ධතාවයෙන් අපේ කණ්ඩායම සතු අත්දැකීම් රජයටත් වැදගත් වෙයි.

දැන්වීම

මම ආණ්ඩුවෙන් ඉල්ලනවා අනවශ්‍ය රෙගුලාසිවල හිර වෙලා මිනිස්සුන්ව අසරණ කරන්නෙ නැතුව බිමේ යථාර්ථය තේරුම් ගෙන සහන සේවා කඩිනම් කරන්න කියල.මේ වෙලාවෙ මිනිස්සු වෙනුවෙන් ආණ්ඩුව කළ යුත්තේ ප්‍රායෝගිකවීම මිස න්‍යායන්වල හිර වෙන එක නෙවෙයි.

තමන්ගේත් අන් අයගේත් ආරක්ෂාව ගැන කල්පනාකාරි වන අතර කුඩා දරුවන්, වයෝවෘද්ධ ජේෂ්ඨ පුරවැසියන් සහ විශේෂ අවශ්‍යතා සහිත පුරවැසියන් වගේම රොගින් සම්බන්ධයෙන් සුවිශේෂී අවධානයක් යොමු කළ  යුතුයි.

ග්‍රාමීය ක්ෂේත්‍ර නිළධාරීන් ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුලු රාජ්‍ය ආයතනවල සියලු නිළධාරීන්ව අපි ස්තුති  පූර්වකව දිරිමත් කරනවා, මේ දුෂ්කර මොහොත කළමනාකරණය කිරීම වෙනුවෙන්. විපතට පත්ව සිටින සියලුදෙනා සමග එකතුව ඔබේ වේදනාව බෙදා ගන්නට අපි ඔබ සමග ඉන්නවා. 
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න