ආණ්ඩු පක්ෂේ මන්ත්‍රී වරුන්ට දැනටමත් වාහන දීලා..?

මං කියන්නේ ලක්ෂ දෙකහමාරක් ඕනෙත් නෑ..! පක්ෂ අරමුදල වැඩි උනා කියල මේ රටේ මිනිස්සුන්ට ලැබෙන කෙන්ගෙඩියක් නෑ..? හර්ෂණ රාජකරුණා අවධාරණය කරයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබා නොදෙන බවට…
මං කියන්නේ ලක්ෂ දෙකහමාරක් ඕනෙත් නෑ..!
පක්ෂ අරමුදල වැඩි උනා කියල මේ රටේ මිනිස්සුන්ට ලැබෙන කෙන්ගෙඩියක් නෑ..?
හර්ෂණ රාජකරුණා අවධාරණය කරයි
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර ලබා නොදෙන බවට ජනාධිපතිවරයා අයවැය කතාවේදී ප්‍රකාශ කළද, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී වරුන් සඳහා දැනටමත් වාහන ලබා දී අවසන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසින් අයවැය කතාවෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේය. ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කලේ එයද වැටුප් ලබා නොගෙනීමේ නාටකය මෙන්ම තවත් නාටකයක් පමණක් බවයි. එහදී ඒ මහතා මෙලෙසද ප්‍රකාශ කරන ලදී.
දීමනාවල් ඒ කිව්වේ වැඩිහිටි දීමනාවල්, ආබාධිත දීමනාවල් වැඩිවෙන එක හොඳයි. ඉතින් ඔය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන දෙන්නෑ කිව්වා හොඳයි. දැන් හැබැයි වැඩේ තියෙන්නේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට දැන් වාහන ලැබිලා තියෙනවනේ. ඒ අයට රජයේ අර Galleface එකේ පෙන්නපු වාහන ටික දීලා තියෙනවා. ඒ උනාට මෙතන ඇවිල්ලා කියන්නේ වාහන දෙන්නෑ ,පර්මිට් දෙන්නෑ. හැබැයි දැනටම දීලා තියෙනවා. ඒක කියනවා අඩුයි. ඒක කියන්නෙම නෑ. ඒ විතරක් නෙමෙයි insurance එක අඩු කරනවා කිව්වා ලක්ෂ දහයෙ ඉඳන් ලක්ෂ දෙකහමාරට ද කොහෙද. ඉතින් මං කියන්නේ දෙකහමාර ඕනෙත් නෑ. දැන් කිව්වේ පඩි ගන්නෙත් නෑ කියලනේ. දැන් පඩි ටික ගිහිල්ලා තියෙනවා පක්ෂ මූලස්ථානයට. පැලවත්තට. පක්ෂ මූලස්ථානයට නෙවෙයි පඩිත් ගන්නැතුව ඉන්න. ඒක කෙලින්ම ගන්නැත්නම් යවන්න මහා භාණ්ඩාගාරයට. ඇයි යවන්නේ පක්ෂ මූලස්ථානයට. මේ රටේ මිනිස්සුන්ට වැඩක් තියෙනවද පක්ෂ අරමුදල වැඩි වුණා කියලා. ඒක හින්දා එයින් මේ රටේ ජනතාවට වැඩක් නෑ. ඒක හින්දා අර නැවතත් වෛරය, ඒවා ඉස්මතු කරන්න යන්නේ. ඉතින් කරුණාකරලා මේ රටේ ජනතාවට දැන් කිව්ව දේවල් කරන එක පටන් ගන්න.