අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආණ්ඩුව 69 ලක්ෂයේ ජනවරම පාවා දී අවසන්

ආණ්ඩුව 69 ලක්ෂයේ ජනවරම පාවා දී අවසන්

ආණ්ඩුව මේ වනවිටත් ජනවරම පාවාදී ඇතැයිද, මේ ව්‍යසනකාරී ගමන ආපසු හැරවිය හැක්කේ සමගි ජන බලවේගයට පමණක් යැයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ සෙනසුරාදා (29)…

ආණ්ඩුව මේ වනවිටත් ජනවරම පාවාදී ඇතැයිද, මේ ව්‍යසනකාරී ගමන ආපසු හැරවිය හැක්කේ සමගි ජන බලවේගයට පමණක් යැයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ සෙනසුරාදා (29) හිරියාල ඉබ්බාගමුව නගරයේ පැවති ගොවි උද්ඝෝෂණයට සහභාගි වෙමිනි.

විරෝධතාවයට පෙර හිරියාල කුඹුක්ගැටේ අහුගොඩ පිහිටි සර් ජෝන් කොතලාවල පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ විපක්ෂ නායකතුමා අනතුරුව විරෝධතාවයට එක්විය. එදා ශ්‍රීමත් ජෝන් කොතලාවලයන් මේ රටේ ගොවිජනතාව නැංවීම උදෙසා විශාල මෙහෙවරක් සිදුකළ බවත් හිරියාල ඇතුලු ප්‍රදේශවල ගොවිජනපද ඇතිකිරීමට එතුමා කැපවූ බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

එම උද්ඝෝෂණය හිරියාල සංවිධායක විපුල ගුණරත්න මහතා විසින් සංවිධානය කොට තිබූ අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, ජේ සී අලවතුවල, නලින් බණ්ඩාර,තුෂාර ඉඳුනිල් ඇතුළු ප්‍රදේශයේ ජනතා නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ආණ්ඩුව 69 ලක්ෂයේ ජනවරම පාවා දී අවසන් | Lanka Newsweek