අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආණ්ඩුව සහ විපක්ෂය පොදු එකඟතාවයකට ආ යුතුයි

ආණ්ඩුව සහ විපක්ෂය පොදු එකඟතාවයකට ආ යුතුයි

රට ආරක්ෂා කළ හැක්කේ එවිටයි අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ වහාම කළ යුතුයි මේ වන විට උද්ගතව තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය හමුවේ රටේ ආර්ක්ෂාව සදහා කළ හැකිව තිබෙන හොදම දේ වනුයේ රට තිබෙන්නේ ලොකු අනතුරක මුව විට…

රට ආරක්ෂා කළ හැක්කේ එවිටයි 

අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ වහාම කළ යුතුයි  

ආණ්ඩුව සහ විපක්ෂය පොදු එකඟතාවයකට ආ යුතුයි

මේ වන විට උද්ගතව තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය හමුවේ රටේ ආර්ක්ෂාව සදහා කළ හැකිව තිබෙන හොදම දේ වනුයේ රට තිබෙන්නේ ලොකු අනතුරක මුව විට බව  පිළි ගනිමින් එවැනි තත්ත්වයක් ඇතිවීම වැළකීම වෙනුවෙන් අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ සදහා ආණ්ඩු පක්ෂය සහ විරුද්ධ පක්ෂ අතර පොදු එකගතාවයක් ඇති කර ගැනීම යැයි දේශපාලන, ආර්ථික, සමාජ විශ්ලේෂක සහ ප්‍රවීන මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අවධාරණය කර සිටියි.

රටේ උද්ගත වී තිබෙන දේශපාලන, ආර්ථික සහ සමාජ අර්බුදය සේම ඊට අදාළ විසඳුම් සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වන ප්‍රවීන මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා මෙසේ දේ කියා සිටියි. 

දැන්වීම

"රටේ ආර්ක්ෂාව සදහා කළ හැකිව තිබෙන හොදම දේ වනුයේ රට තිබෙන්නේ ලොකු අනතුරක මුව විට බව  පිළි ගනිමින් එවැනි තත්ත්වයක් ඇතිවීම වැළකීම සදහා අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ සදහා ආණ්ඩු පක්ෂය සහ විරුද්ධ පක්ෂ අතර පොදු එකගතාවයක් ඇති කර ගැනීමය. ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන තැනකට යනවාද නැති නම් මුළුමනින් වෙනස් කිරීමට හේතූ වන ලෙස ප්‍රතිනිර්මාණයක් කර ගන්නවාද යන්න තීරණය කිරීමේ බලය ජනමත විචාරණයක් මගින් මහජනායාට දිය හැකිය. 

සරල ප්‍රතිසංස්කරණ වැඩ සටහනකට සේම ක්‍රමය මුළුමනින් වෙනස් කිරීමට හේතු වන ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් සදහා වුවද ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ව්‍යවස්ථා සම්පාදනයක් අවශ්‍ය වේ. ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථා සංශෝධනයක් ද නැති නම් නව ව්‍යවස්ථාවක් ද යන්න මහජයාගෙන් විමසිය හැකිය. 

එසේම ඉල්ලා සිටින්නේ නව ව්‍යවස්ථා සම්පාදනයක් නම් එම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව මුල් කර ගත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් මගින්ද එසේ නැති නම් ව්‍යවස්ථා සම්පාදනය සදහාම තෝරා ගත් මහජන නියෝජිතයන් මුල් කර ගත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයකින් සිදු විය යුතුද යන ප්‍රශ්නයද ජනමත විචාරණයකට යොමු කළ හැකිය. ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ පාර්ලිමේන්තුවෙන් නොවේ නම් ව්‍යවස්ථා සම්පාදනය සහ ප්‍රතිසංස්කරණ ඇති කිරීම සදහා බලය අතුරු ව්‍යවස්ථාවක් මගින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වෙත පැවරිය හැකිය.

එවිට ඊළග මැතිවරණය පැවැත්වෙනු ඇත්තේ අර්බුදය ජය ගෙන අවශ්‍ය ප්‍රතිසංස්කරණ ද ඇති කර ගැනීමෙන් පසුවය. එවැනි මහජන වැඩ සටහනකට අවශ්‍ය දැනුම සහ ශිෂණය ශ්‍රී ලංකාවේ ජනතාවට නැතැයි කියා විශ්වාස කරන අයද රටේ සිටිති. ඒ සදහා යොදා ගන්නා සුලභ නිදර්ශනය වන්නේ පසුගිය ජනාධිපතිවරනයේදී ඡන්දය පාවිච්චි කළ අකාරයයි. ඊට පෙර 2015 ජනාධිපතිවරණයේදී පරාජය කළ නොහැකි බව කී මහින්ද රාජපක්ෂව පරාජය කළේද එම ජනතාවය." 

ආණ්ඩුව සහ විපක්ෂය පොදු එකඟතාවයකට ආ යුතුයි
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ආණ්ඩුව සහ විපක්ෂය පොදු එකඟතාවයකට ආ යුතුයි | Lanka Newsweek