අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආණ්ඩුව ප්‍රවර්ධනය කරන්නේ යම පාලනයයි

ආණ්ඩුව ප්‍රවර්ධනය කරන්නේ යම පාලනයයි

මේ ආණ්ඩුව යටතේ යහා පාලන උරුමය යනු සිහිනයක් පමණි යහා පාලන සහ යම පාලන මූලධර්ම රටේ තත්ත්වය විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුගේ ඇසින් (අචින්ත මධුර සමරසිංහ) යහා පාලනය යන්නෙන් අදහස් කරන්නේ කිසියම් රටක බලධාරීන් ඒ…

මේ ආණ්ඩුව යටතේ යහා පාලන උරුමය යනු සිහිනයක් පමණි 

යහා පාලන සහ යම පාලන මූලධර්ම 

රටේ තත්ත්වය විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුගේ ඇසින් 

ආණ්ඩුව ප්‍රවර්ධනය කරන්නේ යම පාලනයයි

(අචින්ත මධුර සමරසිංහ)

යහා පාලනය යන්නෙන් අදහස් කරන්නේ කිසියම් රටක බලධාරීන් ඒ රටේ පාලනකරණය හෙවත් ආණ්ඩුකරණය (පාලනකරණය හෙවත් ආණ්ඩුකරණය යනු රටක හෝ සංවිධානයක තීරණ ගැනීමේ හෝ තීරණ ක්‍රියාවට නැංවීමේ ක්‍රියාවලියයි.) සඳහා යොදා ගන්නා ආයතන සහ සම්ප්‍රදායන් ප්‍රජාතන්ත්‍රවාදී යහපත් උපකරණ වීමය. 
එනම්, 

(01)    ආණ්ඩුවක් තෝරා ගනු ලබන ආකාරය. 

දැන්වීම


(02)    ආණ්ඩුවක් කටයුතු කරන ආකාරය. 


(03)    ආණ්ඩුවක් වෙනස් කරනු ලබන ආකාරය සහ 


(04)    ප්‍රතිපත්ති කාර්යක්‍ෂමව සකසා ගැනීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට ඇති හැකියාව යන්නයි.

වර්තමාන ශ්‍රී ලංකාව දෙස බැලීමේදී ඉහත සියලුම කරුනු කාරණා උල්ලංඝනය වී ඇති බව පෙනී යයි. මාරාන්තික COVID-19 වසංගතය රටේ ශීඝ්‍ර ලෙස පැතිර යමින් පවතින සමයේ ආණ්ඩුව රට-ජනතාව ගැන නොසිතා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයෙන්ම ඒ බව මනාව ඔප්පු වේ. රට දියුණු කරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පැමිණි නමුත්, COVID-19 වසංගත තත්ත්වය හමුවේ සාර්ථකව ඊට එරෙහිව මුහුණ දීමට පවා රජය අපොහොසත් වේ තිබේ. ඊට හේතුව වී ඇත්තේ වසංගතය හමුවේ ක්‍රියාත්මක කළ යුතු සාර්ථක ප්‍රතිපත්ති මාලාවක් කාර්යක්‍ෂමව සකසා ගැනීමට සහ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට හැකියාවක් නොපවතින බැවිනි.

ආණ්ඩුව ප්‍රවර්ධනය කරන්නේ යම පාලනයයි

අසාර්ථක රාජ්‍යයක් හෝ සමාජයක් බිහිවීමෙහිලා වග කිව යුතු ප්‍රධානතම මූල සාධකයක් ලෙස අයහපත් පාලනය (Bad Movernance) දක්වනු ලැබේ. විදේශ ආධාර සපයන රටවල් සේම ජාත්‍යන්තර මූල්‍ය ආයතන ද ආධාර සහ ණය සැපයීමේ දී වැඩි වශයෙන් අවධානය යොමු කොට ඇත්තේ අදාළ රටවල් යහා පාලන මූලධර්ම ශක්තිමත් කොට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගනිමින් ඊට අදාළ කොන්දේසි සපුරා තිබෙනවා ද, නැද්ද යන්න පිළිබඳවය. 

ඒ අනුව යහා පාලනය යන්නෙන් ප්‍රධාන කරුණු 8 ක් අදහස් කෙරේ. එම කරුණු නම්, 

(01)    සහභාගීත්වය  

(02)    සංවේදී භාවය  

(03)    එකඟතාව

(04)    සරල සහ කාර්යක්‍ෂමතාව 

(05)    වගවීම 

(06)    සාධාරණත්වය 

(07)    පාරදෘශ්‍යභාවය 

(08)    නීතියේ ආධිපත්‍ය යනාදිය යි. 

ආණ්ඩුව ප්‍රවර්ධනය කරන්නේ යම පාලනයයි

මෙහිදී වඩාත් හාස්‍යට ලක්වන කරුණ වන්නේ, ශ්‍රී ලංකාවේ පාලකයින් ඉහත එකදු කරුණක් හෝ ඉටු කරන බවක් පෙනෙන්නට නොමැති අතර සිය පෞද්ගලික ලාභ ප්‍රයෝජන තැකීම විනා රටේ මහා ජනතාව කෙරෙහි කිසිදු සංවේදී බවක් ඔවුන්ගේ චිත්ත අභ්‍යන්තරයේ නොමැත. පාර්ලිමේන්තුවේ පුටු පැය ගණන් රත් කළ ද, නිවැරදි තීරණ නිවැරදි මොහොතේ ගැනීමට අපොහොසත්ය. නීතියේ ආධිපත්‍ය සහ සාධාරණත්වය බල්ලාට ගොසින් ය. ඔවුන්ගේ ඒකාධිපති මතයට විරුද්ධව හඬ නගන්නන්ට අවසානයේ අත් වන ඉරණම වනුයේ අතුරුදහන් වීමය. මෙවැනි තත්ත්වයක් යටතේ රටක් ලෙස ශ්‍රී ලංකාව සහ එහි වත්මන් පාලන තන්ත්‍රය යහා පාලනය නම් වචනය ළඟින් වත් ගොස් නොමැති බව කිව යුතුය. 

යහා පාලනය යනු රටක ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය වන පූර්ව කොන්දේසියකි. රටක ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ දී පාලනකරණයේ ගුණාත්මක තත්ත්වය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. පාලනකරණයේ දී ඉතා වැදගත් ක්ෂේත්‍රයක් වනුයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයයි. උද්ධමනය පාලනය කොට තබා ගැනීම, සංවර්ධනයට අවශ්‍ය කරන සම්පත් සොයා ගැනීම, ප්‍රමුඛතා මත ශුභසාධන වියදම් දැරීම සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය යටතේ අයවැය හිඟය අවම පහළ මට්ටමක තබා ගැනීම ආදිය දිළිඳු හෝ දියුණු වෙමින් පවතින රටකට ඉතා වැදගත් වේ.  

වර්තමානයේ ශ්‍රී ලංකාවේ මුල්‍ය පාලනය සහ මුල්‍ය විනය යන අත ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නැත. ගෙවුම් ශේෂ පියවා ගැනීමේ අරමුණින් ආනයනයන් සීමා කිරීමට ක්‍රියා කළ ද ගෙවීමට ඇති අති විශාල ණය වාරික සහ අධික ලෙස මුදල් මුදල් අච්චු ගැසීම හේතු කොට ගෙන රුපියලේ අගය අවප්‍රමාණය වීම ශීඝ්‍ර වී තිබේ. 

ආනයන තහනම නිසා සාමාන්‍ය මහා ජනතාවට මිල අඩු කුඩා හෝ වාහනයක් අයිති කර ගැනීමට නොඑසේ නම් මිල දී ගැනීමට තිබුණු සිහිනයට බඩේ පහර වැදී තිබේ. කෙසේ නමුත් රුපියල් කෝටි 350ක අති විශාල මුදලක් වියදම් කරමින් "Prado" ඇතුළු අති සුඛෝපභෝගී වාහන තොගයක් හදිසියේම ආනයනය කිරීමට රජය තීරණය කිරීමෙන් පැහැදිලි වන්නේ, මැති ඇමතිවරුන්ට වාහන ගෙන්වීමට නීතියෙන් බාධාවක් නොමැති බවය. 

රටේ පවතින සියලුම වර්තමාන අර්බුදයන්ට හේතුව වී තිබෙන්නේ සුදුස්සන් සුදුසු තැනට පත් නොකිරීමයි. උද්ගත වන සෑම කරුණක් සම්බන්ධයෙන්ම තීරණ ගැනීමට කමිටු පත් කළ ද, එම කමිටුවල තීරණ නිසියාකාරව ක්‍රියාත්මක නොවීම හෝ ගන්නා තීන්දු තීරණ දේශපාලන අධිකාරියේ අවශ්‍යතා මත සංශෝධනවලට ලක්වීම නිසාවෙන් හෝ කිසිදු ප්‍රශ්නයකට නිවැරදි විසදුමක් මේ වන තෙක් ලබා ගැනීමට නොහැකි වී ඇත. 

ආණ්ඩුව ප්‍රවර්ධනය කරන්නේ යම පාලනයයි


ලෝක බැංකුව විසින් 1996 වසරේ සිට යහා පාලනයට අදාළ නිර්ණායකයන් 6ක් පදනම් කර ගෙන යහා පාලනය පිළිබඳ දර්ශකය පිළියෙළ කරනු ලබයි. රටවල් 200කට වැඩි සංඛ්‍යාවක් සඳහා සම්බන්ධ දත්ත මූලයන් 40ක් ඔස්සේ සංවිධාන 30ක් මඟින් විචල්‍ය 100ක් සම්බන්ධයෙන් ලොව වටා සිටින 10,000 ක නියැදියක් මත පදනම්ව යහා පාලන දර්ශකය සකස් කරයි. එම යහපාලන දර්ශකයට පදනම් වන නිර්ණායක වන්නේ,                                                                                     

(01) හඬ නැඟීම සහ උත්තරදායීත්වය

(02) ආණ්ඩු තෝරා ගැනීමෙහිලා පුරවැසියන්ගේ සහභාගීත්වය 

(03) අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස 

(04) ජනමාධ්‍ය නිදහස 

(05) දේශපාලන ස්ථාවරත්වය සහ ප්‍රචණ්ඩත්වය 

(06) ත්‍රස්තවාදයෙන් නිදහස් වීම 

(07) ආණ්ඩුවේ කාර්යක්‍ෂමතාවය 

(08) සිවිල් සේවාවේ ගුණාත්මක තත්ත්වය 

(09) රාජ්‍ය සේවක සේවිකාවන්ගේ හැකියාව 

(10) දේශපාලනීකරණය නොවීම 

(11) නියාමන ක්‍රියාවලියේ ගුණාත්මකභාවය 

(12) නිවැරදි ප්‍රතිපත්ති සකසා ගැනීම 

(13) පෞද්ගලික අංශයේ වර්ධනයට අහිතකර නොවීම 

(14) නීතියේ ආධිපත්‍යය 

(15) දේපොළ හිමිකම් සුරක්‍ෂිත වීම 

(16) පොලිසිය සහ අධිකරණ ස්වාධින වීම 

(17) අපරාධ සිදු නොවීම 

(18) දුෂණය පාලනය කිරීම   

(19) පෞද්ගලික ප්‍රයෝජනය සඳහා නිල ලෙස බලය උපයෝගී කර ගැනීම දුෂණය ලෙස සැලකීම 

ආණ්ඩුව ප්‍රවර්ධනය කරන්නේ යම පාලනයයි

ශ්‍රී ලංකාවේ දැනට පවතින තත්ත්වය අනුව අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා වී ගෙන එන බවක් පෙනෙන්නට තිබේ. ජනමාධ්‍ය නිදහසද ක්‍රමානුකූලව මර්දනය කෙරෙමින් පවතියි. සර්ව ජන ඡන්ද බලය නිසාවෙන් තවමත් ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ට තමාට අවැසි පරිදි ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ජන්දය දීමට හැකියාව ඇත. නමුත් ඔවුන්ගේ මනාප සත්‍ය ලෙසම රටේ අනාගතයේ යහපතට හේතු වන්නේදැයි සැක සහිතය. ඊට හේතුව ඡන්ද අපේක්ෂකයින් විසින් රටේ ඡන්ද දායකයින්ගෙන් බහුතරයක් දෙනා ඡන්ද කාලයට බොරු පොරොන්දු දී රවටා ගෙන හෝ මර්දනය පතුරුවා භිය ගන්වමින් ඡන්දය ලබා ගන්නා බැවිනි. 

රාජ්‍ය සේවය තරම් අකාර්යක්‍ෂම සේවාවක් තවත් නොමැති තරම් ය. එම සේවය මුළුමනින්ම දේශපාලනීකරණය වී හමාරය. ව්‍යසන හමුවේ ජාතික වශයෙන් ප්‍රතිපත්තියක් සකසා ගැනීමට රජය අපොහොසත්ය. පොලීසිය රජයේ ඉහළ බලධාරීන්ගේ අවශ්‍යතා මත නීතිය නමන ආයතනයක් බවට පත්ව ඇත. අධිකරණයේ තීන්දුවලට හිස නොනමන තත්ත්වයක් උද්ගත වී තිබේ. දුෂණ, වංචා සහ අක්‍රමිකතා සේම භීෂණ සහ මර්දනය පාලනය කිරීම පසෙක ලා ඒ සියල්ල ප්‍රවර්ධනය කිරීමෙහි ප්‍රයත්නයක රජය යෙදී සිටියි. මේ ලෙසින් බලන කල ශ්‍රී ලංකාව යහ පාලනයක් පෙනෙන මායිමක වත් නොමැති බව දුකින් හෝ කිව යුතු ය.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
බෙදාගන්න
ආණ්ඩුව ප්‍රවර්ධනය කරන්නේ යම පාලනයයි | Lanka Newsweek