අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආණ්ඩුව තුල ජවිපෙ නව උපක්‍රමය හදුනාගනිමු

ආණ්ඩුව තුල ජවිපෙ නව උපක්‍රමය හදුනාගනිමු

පහුගිය කෙටි කාලය ඇතුලේ අපේ රට ලොකු හැලහැප්පිලි ගණනාවට ලක්වුනා.2022දී රට බංකොලොත්වීමත් එක්ක රට ඇතුලේ නිර්මාණය උන ආර්ථික,සමාජ,දේශපාලන අර්බුදයෙන් අපි පීඩා වින්දා.ඊටත් ඉස්සෙල්ලා 2019දී ආපු කොරෝනා…

පහුගිය කෙටි කාලය ඇතුලේ අපේ රට ලොකු හැලහැප්පිලි ගණනාවට ලක්වුනා.2022දී රට බංකොලොත්වීමත් එක්ක රට ඇතුලේ නිර්මාණය උන ආර්ථික,සමාජ,දේශපාලන අර්බුදයෙන් අපි පීඩා වින්දා.ඊටත් ඉස්සෙල්ලා 2019දී ආපු කොරෝනා වංසගතයෙන් අපිට ගොඩක්දේ අහිමිවුනා.එදා පටන් අද දක්වා කාලය ඇතුලේ රටේ ජනතාව යන්තමින් හරි ඔළුව ඉස්සුවේ රනිල් අනුප්‍රාප්තික ජනාධිපති විදිහට හිටපු අවුරුදු දෙකක කාලය ඇතුලේ විතරයි. ඒක කුහක නොවී පිලිගන්න ඕනි.

රනිල් තමයි බංකොලොත් රට බංකොලොත්භාවයෙන් එළියට ගත්තේ.බංකොලොත්භාවයෙන් මුදාගෙන රට සංවර්ධනයේ දිශාවට හරවපු රනිල් පරාජය කරලා අපේ රටේ ජනතාව එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ පහලවුන ලොකුම බොරුකාරයා රටේ ජනාධිපති කරගත්තා.අනුර කළේ රනිල් ගෙනත් තියපු තැනින් රට ඉස්සරහට ගෙනියනවා වෙනූවට නැවත රට වලපල්ලට යන පැත්තට හරවන එකයි.බලයෙන් ඉදිමිලා ඉන්න උද්දච්ච ජෙප්පෝ තමන්ට හිතූන හිතුන වැඩේ කරන්න පටන් ගත්තා.

අර එක්කෙනෙක් නාය ගිය තැන්වලට පස් දාලා කොටන්න පටන් අරන්.ඇත්තටම ජෙප්පෝ තවමත් ඉන්නේ ගල් යුගයේ කියලා කියන්න ඒ උදාහරණයම මදිද?

දැන්වීම

බලය ගත්ත දවසේ පටන් ජවිපෙ කළේ රට සංවර්ධනය කරන එක පැත්තකින් තියලා ජවිපෙ බලය වර්ධනය කරන්න සහ රට තනි පක්ෂ පාලනයකට ගෙනියන ගමන ඉදිරියට ගත්ත එකයි. අපි ආය කවදාවත් උඹලට බලය දෙන්නේ නෑ.අපි බලය ගත්තේ ආපහු දෙන්න නෙවෙයි,අපිට බලය දිලා තියෙන්නේ මර්ධනයටත් එක්ක,ලක්ෂයක් මරලා හරි බලය රැකගන්නවා.ජවිපෙ ද්‍රෝහීන්ට කවදාවත් සමාව දෙන්නේ නෑ.මේ වගේ කතා පහුගිය කාලේ ජවිපෙ ලොක්කන්ගෙන් වගේම සොක්කන්ගෙනුත් නිතර නිතර අහන්න ලැබුණා.

මුලදී කවදාවත් රට ආපහු දෙන්නේ නෑ කියලා ප්‍රසිද්ධියේ වහසිබස් දොඩවපු ජෙප්පෝ එක පාරට ඒ කතාව නැවැත්තුවා. ඒකට හේතුව තමයි දශක ගණනක් අපේ රටේ ජනතාව තමන්ගේ ජනවරමින් තමයි පාලකයන් පත්කර ගත්තේ.හැම නායකයාම ජනවරමට හිස නමලා ජය පරාජය පිලිගත්තා.ජවිපෙ යන්න හදපු ඒකාධිපති ගමනට අපේ රටේ ජනතාවගේ විරෝධය එල්ල වෙනවත් එක්ක ජෙප්පෝ තාවකාලිකව පසු බැස්සා.තනි පක්ෂ පාලනයකට යන්න නම් ජවිපෙ ආණ්ඩු බලයෙන් එහාට ගිහින් රාජ්‍ය බලය අත්පත් කරගන්න ඕනි කියන තැන තමයි ටිල්වින් දිගටම හිටියේ.

ටිල්වින් ඒ උත්සාහය අතෑරලා නෑ.

ටිල්වින් තවමත් හිතන්නේ සොවියට් සභා ආකෘතියෙන් වැඩේ ගොඩදාන්න.මාලිමාවේ කොට්ඨාශ සභාව නිර්මාණය කරලා ගමේ බලය එතනට පවර ගන්න මුලදී ටිල්වින් උත්සහ කළා.හැබැයි ජවිපෙ ආණ්ඩුවේ අසාර්ථකත්වය නිසා ඒ වෙනකොට මාලිමාව වටේට එකතුවුන ජනතාව වේගයෙන් මාලිමාව අතෑරලා යන්න පටන් අරන් තිබුණා.මාලිමාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ ප්‍රධානත්වයෙන් ගමේ කොට්ඨාශ සභාව පිහිටවන්න හැදුවත් ඒක සාර්ථක උනේ නෑ.

ඇත්තටම කොට්ඨාශ සහාව පිහිටවන්න ජනතාව ආවේ නෑ.ඒක නිසා පැලවත්තට අඩියක් පස්සට තියන්න වුනා.හැබැයි ටිල්වින් තාවකාලිකව පස්සට ගියටත් ලේසියෙන් පරාජය බාරගන්න කෙනෙක් නෙවෙයි.ඊට පස්සේ එයාලා වෙන සැලැස්මකින් දැන් වැඩේ සෑහෙන දූරට ගොඩදාගෙන තියනවා.ඒ තමයි කොට්ඨාශයේ ප්‍රජා ශක්ති කම්ටුව.ඒක දැන් මාලිමාවේ මන්ත්‍රී නැත්තං ජවිපෙ කොට්ඨාශ සංවිධායකයා යටතේ තියන නීත්‍යානුකූල ව්‍යුහයක්.ප්‍රජා ශක්ති කමිටුවේ සාමාජිකයන් 25 ක් ඉන්නවා.

මේකේ සභාපති ජවිපෙ මන්ත්‍රී හෝ සංවිධානයකයායි.ගමේ ඉන්න සංවර්ධන නිලධාරියා තමයි ලේකම්,ග්‍රාම නිළධාරී සහ ඒ කොට්ඨාශයේ ඉන්න අනෙක් සියලු රඡයේ නිළධාරීන් එතනට යටත් කරලා තියනවා.ඔයාලා දකින්න ඇති පහුගිය සතියේ ග්‍රාම නිළධාරීවරුන්ට ආපදා සහන බෙදාහැරීමට මාලිමාවේ කණ්ඩායම් බාධා කරනවා.ඒ මේ ප්‍රජා ශකිති සෙට් එක තමයි. දැනට ප්‍රජා ශක්ති කම්ටුවේ විෂය පථයට ආපදා සම්බන්ධ කොටස එකතු කරලා නෑ..

ඊළඟ සංශෝධනයෙදී ඒකත් එකතු කරයි.ඊට පස්සේ සියලු බලතල සම්පුර්ණයෙන්ම ඒ කමිටුවට යනවා.ඉදිරියේදි මේකට ගමේ තැනක් වෙන් කරගන්න සුදානම්.පොලිසියේ සහ හමුදාවේ දෙදෙන්නා බැගින් ඒ කමිටුවට අනුයුක්ත කරන්න එයාලා සැලසුම් කරන බවත් ආරංචියි.මෙතන තියන භයානක වැඩේ ඒක නෙවෙයි.ජවිපෙ සංවිධානය යාන්ත්‍රණය මේක ඇතුලට ගේන එකයි.ඕනිම පක්ෂයකට තමන්ගේ පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කරන්න අයතියක් තියනවා.

ඒකට විරුද්ධ වෙන්න අපිට බෑ.හැබැයි මෙතන පැහැදිලිව රාජ්‍ය යාන්ත්‍රණ ඇතුලේ ජවිපෙ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනවා.අපට එලියට පෙනෙන ප්‍රජා ශක්ති කමිටුව නීත්‍යානුකූල ව්‍යුහයක් වගේම බහුජන යාන්ත්‍රණයක්.හැබැයි මේක ඇතුලේ අනීතියව එයාලා පක්ෂ කම්ටුවක් හදනවා.ඒ පක්ෂ කමිටුවට එක තැනකදී ප්‍රජා ශක්ති කමිටුවට යටවෙන්න සිද්ධවෙනවා.එතනින් එහාට ඒක මෙහෙයවෙන්නේ ජවිපෙ පක්ෂ යාන්ත්‍රණය මෙහෙයවෙන පැලවත්තට යටත්වයි.

ඒ කියන්නේ පන්ති පහ (පැරණි පන්ති පහ නෙවෙයි සංශෝධන සහිත එකක්) කරපු පහේ කමිටුවක් ප්‍රජා ශක්ති කමිටුව ඇතුලේ හදනවා.

ඒක වෙනම රැස්වෙනවා.ඒකෙන් තමයි සියල්ල සැලසුම් කරන්නේ.ගමේ සංවර්ධන වැඩ හැංගිලා කරන්න ඕනි නෑ.මේ හදන්නේ ගම ගැන පැලවත්ත දැනුවත් කරන ඔත්තු සේවයක්. ගමේ ඉන්න ජවිපෙ විරුද්ධවාදීන් ගැන ජවිපෙ ද්‍රෝහීන් ගැන තීරණ ගන්න පැලවත්තට ඔත්තු සපයන ඔත්තු සේවයක්.දැනට එයාලා ප්‍රජා ශක්ති කමිටුවල සභාපතිලා සෑහෙන ප්‍රමාණයකට පන්ති පහ කරලා ඉවරයි.මේ වෙනකොට දිස්ත්‍රික් මට්ටමින් අධ්‍යාපන කඳවුරුත් පටන් අරන් තියනවා.

ඒ අර පරණ දවස් හතේ කඳවුර.පහුගිය දවස්වල දිස්ත්‍රික්ක කීපයක අධ්‍යාපන කඳවුරු අවසන් කරලා ඒවා විසුරවා හැරලා තියනවා.මේ වෙනකොට තවත් කඳවුර කීපයක් පැවැත්වෙමින් තියනවා.ජවිපෙට රාජ්‍ය බලය තිබුණත් ඒ කඳවුරු පැවත්වන්නේ රහසිගතව.ඒ කඳවුරුවල දෙන අධ්‍යාපනය පදනම් වෙලා තියෙන්නේ බලය ආරක්ෂා කරගැනීම සහ බලය පවත්වාගෙන යෑම සමිබන්ධයි.පන්තිවල වැඩි බරක් තියලා තියෙන්නේ ප්‍රතිවිප්ලවයට මුහුණ දීම කියන මාතෘකාවට.

ජවිපෙ ටාගට් එක තමයි අපේ රටේ ග්‍රාම නිළධාරී වසම් 14022 කට අධ්‍යාපන පන්ති පහ කරපු,අධ්‍යාපන කඳවුරු ගිය අය 14022ක් හදා ගැනීම.ඊට පස්සේ පලාත් පාලන කොට්ඨාශ අනුව ප්‍රජා ශක්තී කම්ටුව ඇතුලේ රහස් පක්ෂ සංවිධායනයක් ගොඩනැගීම.ඒ කියන්නේ ජවිපෙ ආයෙත් එයාලගේ ස්ප්‍රිට් එකක් හදන්න කටයුතු කරනවා.මේ 14022කම හොඳම විදිහට එයාලට අවශ්‍ය පන්නයේ කාඩර්වරු බවට පත්වෙයි කියලා රටේ රාළ හිතන්නේ නෑ.හැබැයි එයාලා උත්සාහයක් දරනවා.රටේ සංවර්ධනය වැඩ කටයුතු කරන්න ප්‍රජා ශක්ති ව්‍යුහය තියෙද්දී මොකටද අභයන්තර කාඩර් එකක් ගොඩනගන්නේ කියන ප්‍රශ්නය ඔයාලටත් එන්න ඕනි.

ඒ වෙන මොකකටවත් නෙවෙයි බලය පවත්වාගෙන යෑම වෙනුවෙන්.එයාලට අනුව නං ප්‍රතිවිප්ලවයට මුහුණ දෙන්න.ඒ කියන්නේ නිල ශ්‍රී ලංකා රාජ්‍යයට යටින් අර්ධ මිලිටරි ව්‍යුහයක් ගොඩනැගෙනවා.ඒක රාජ්‍යයේ රැකවරණය සහිත නිල නොවන ත්‍රස්ත කල්ලියක්.එයාලට දෙන අධ්‍යාපනයේ වැඩි බරක් තියෙන්නේ ප්‍රතිවිප්ලවයට මුහුණ දීම සහ ඒ ගැන තියන ලෝක අද්දැකීම් ගැන සාකච්ඡා කරන්න.ඒ පන්ති ඇතුලට ජවිපෙ ද්‍රෝහීන් විදිහට රටේ රාළගේ සහ තවත් කීපදෙනෙක්ගේ නම් ඇතුලත් බව ආරංචියි.

ජවිපෙ මේ රහස් යාන්ත්‍රණය ගොඩනගන්න මේ ආපදා තත්වයත් ආශීර්වාදයක් වෙලා.රටේ ජනතාවගේ අවධානය සහනාධාර මානසිකත්වයකට ගිහින් තිබියදී ජෙප්පෝ ලස්සනට ගේම ගහනවා.දැනට පවත්වාගෙන යන අධ්‍යාපන කදවුරුවලට කන්න දදෙන්නෙත් විපතට පත්වුන ජනතාවට දෙන්න රටේ ජනතාව එකතු කරපු රතු තරුවෙන් උස්සපු ආධාරවලින් කියලත් ආරංචියි. ජවිපෙ මෙහෙයුම ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමණක් යන්න සුදානම් වෙද්දී අපේ රටේ විපක්ෂය මර නින්දකට වැටිලා ඉන්නවා.එයාලා හිතනවා ඇත්තේ ජවිපෙ ප්‍රතිවිප්ලවයට එරෙහිව කරනවා කියන සටනට එයාලට අදාල නෑ කියලා වෙන්න ඇති.අන්තිමට එයාලත් ජවිපෙ ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්වෙනවා විතරක් නෙවෙයි එදාට එයාලා වෙනුවෙන් කතා කරන්න කිසිකෙනෙක් ඉතුරු වෙලා ඉන්න එකක් නෑ.

- රටේ රාළ -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න