ආණ්ඩුවේ සේවය ගජ මිතුරන්ට විතරයි

ආණ්ඩුව කළ යුතු වැඩ කරන්නේ සජබයයි ගජ මිතුරන්-මන්ත්‍රීන් පෝෂණය කිරීම වහා නවතනු (ලුම්බිණි ප්‍රමෝද්‍යා) රටට-ජනතාවට සේවය කිරීම ආණ්ඩුවක වගකීම වුවත් මේ රටේ ආණ්ඩුව සේවය කරමින් සිටින්නේ රටට-ජනතාවට නොව සිය ගජ…
ආණ්ඩුව කළ යුතු වැඩ කරන්නේ සජබයයි
ගජ මිතුරන්-මන්ත්‍රීන් පෝෂණය කිරීම වහා නවතනු
(ලුම්බිණි ප්‍රමෝද්‍යා)
රටට-ජනතාවට සේවය කිරීම ආණ්ඩුවක වගකීම වුවත් මේ රටේ ආණ්ඩුව සේවය කරමින් සිටින්නේ රටට-ජනතාවට නොව සිය ගජ මිතුරන්ට පමණක් යැයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියි.
වත්මන් පාලනය යටතේ දත්ත මැකීමේ මගඩිය, ඇන්ටිජන් මගඩිය, ඖෂධ ජාවාරම ඇතුළු මගඩි රැසක් ජයටම සිදු වන බවත් මේ සියලු ව්‍යසන මැද ජනතාව අති මහත් පීඩනයකින් දුක් විඳින බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ අදහස් පළ කළේ, "විපක්ෂයෙන් හුස්මක්" 25 වැනි අදියර යටතේ කෑගල්ල ශික්ෂණ රෝහලට රුපියල් තිස් ලක්ෂ අනූ දහසක් වටිනා සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩ සටහනට එක් වෙමින් වන අතර මෙම වැඩ සටහන යටතේ මීට පෙර අවස්ථා විසි හතරක දී රුපියල් ලක්ෂ හත් සිය දහනවයක (රු. 71,904,000) රෝහල් සහ සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කර ඇත.
අල්ලසට, දූෂණයට, වංචාවට, මගඩියට උපරිම ඉඩ සලසන ආණ්ඩුවක් රටේ ක්‍රියාත්මක වන අතරේ ආණ්ඩුව ක්‍රියාත්මක කළ යුතු ජනතාවාදී කටයුතු රට වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නේ විපක්ෂය ලෙස සමගි ජන බලවේගය යැයි ද ඔහු සඳහන් කළේය.
දැන්වීම
මේ ව්‍යසනකාරී මොහොතේත් සංවර්ධන කටයුතු සදහා අධීක්ෂණ මන්ත්‍රීවරු පත් කරමින් මහ ජන ධනය විනාශ කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් සැබැවින්ම ජනතාව කෙරෙහි ආදරයක් තිබේ නම් ආණ්ඩුව කළ යුත්තේ මන්ත්‍රීවරුන් පෝෂණය කරමින් ඔවුන්ව සංවර්ධනය කිරීම නොව, ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් කියා සිටියේය.
