ආණ්ඩුවට එරෙහිව මහා ජන නඩුකරයක් ගොඩ නැගෙයි

ජනපතිගේ කූඨ ව්‍යවස්ථාව පරාජය කිරීම අරමුණයි නව ව්‍යවස්ථාව මහා ජන සහභාගීත්වයෙන් ගොඩ නැගිය යුතයි ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවේ කූඨ ව්‍යවස්ථා සම්පාදන වැඩ සටහන පරාජය කරමින් මහ ජන සහභාගී ව්‍යවස්ථා සම්පාදන…
ජනපතිගේ කූඨ ව්‍යවස්ථාව පරාජය කිරීම අරමුණයි
නව ව්‍යවස්ථාව මහා ජන සහභාගීත්වයෙන් ගොඩ නැගිය යුතයි
ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවේ කූඨ ව්‍යවස්ථා සම්පාදන වැඩ සටහන පරාජය කරමින් මහ ජන සහභාගී ව්‍යවස්ථා සම්පාදන වැඩ පිළිවෙළක් දිනා ගැනීම සදහා මහා ජන නඩුකරයක් රටට වහාම අවශ්‍ය යැයි ප්‍රවීන ජනමාධ්‍යවේදී සහ සමාජ-දේශපාලන සහ ආර්ථික විශ්ලේෂක වික්ටර් අයිවන් මහතා අවධාරණය කර සිටියි.
එම නඩුකරය ආණ්ඩුවේ කූඨ ව්‍යවස්ථා සම්පාදන වැඩ සටහනට එරෙහිව නියෝග ලබා ගැනීමේ අරමුණින් සහ සහභාගී ව්‍යවස්ථා සම්පාදනයකට අවශ්‍ය නියෝග සේම මඟ පෙන්වීම් ලබා ගැනීමේ අරමුණින් ආරම්භ කරන මහ ජන නඩුකරයක් විය විය යුතු යැයි කියා සිටින වික්ටර් අයිවන් මහතා ඒ ඔස්සේ රට පුරා මහා ජන උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කළ යුතු යැයි ද පෙන්වා දෙයි.
එසේම එම මහා ජන නඩුකරය සියලු ජාතීන් සහ ආගමිකයින්ගෙන් ද, පීඩිත ජන කණ්ඩායම්වලින් ද, වර්ග, ගොවි ජනයාගෙන් ද, ධීවරයින්ගෙන් ද, වෘත්තීය සමිතිවලින් ද, වෘත්තීයවේදීන්ගෙන් ද, සිවිල් සංවිධානවලින් ද, ව්‍යාපාරිකයින්ගෙන් සහ දේශපාලන පක්ෂවලින් ද ඇතුළු සියලු පාර්ශවයන් එකට ඒකරාශී කෙරුණු නඩුකරයක් විය යුතු යැයි වික්ටර් අයිවන් මහතා කියා සිටියි.
දැන්වීම
රට හමුවේ තිබෙන මෙම මුලික සහ බරපතළ ප්‍රශ්නය කෙරෙහි බැරෑරුම්ව අවධානය යොමු කරන ලෙස සියලුම දෙනාගෙන්ම ඉල්ලා සිටින වික්ටර් අයිවන් මහතා රට වෙනුවෙන් මෙම මහා ජන නඩුකරයට සම්බන්ධ වීමට කැමති පුරවැසියන්ට 077 3184532 හෝ 0773601343 යන ජංගම දුරකථන අංක අමතා වැඩි විස්තර ලබා ගත හැකි යැයි පවසයි.
මෙම මහ ජන නඩුකරය ගොඩනැගීම සඳහා මහ ජන සංවිධාන විශාල ගණනක් මේ වන විටත් එකට ඒකරාශී වී සිටින බව ද වික්ටර් අයිවන් මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.