අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ආණ්ඩුවට එරෙහිව අවංකව සටන් කරන්නේ කරූ විතරයි

ආණ්ඩුවට එරෙහිව අවංකව සටන් කරන්නේ කරූ විතරයි

විපක්ෂය එකට එකතු කරන්න කරූ කරන මැදිහත් වීම විශිෂ්ඨයි සාධාරණ සමාජයේ සටනට ආචාරය..! රටේත් ජනතාවගේත් පැත්තේ සිටිමින් බිය නොමැතිව, අවංක හැගීමකින් සහ සාධාරණ ලෙස ජනාධිපතිවරයා ප්‍රධාන දුර්දාන්ත ආණ්ඩුවට…

විපක්ෂය එකට එකතු කරන්න කරූ කරන මැදිහත් වීම විශිෂ්ඨයි 

සාධාරණ සමාජයේ සටනට ආචාරය..!

ආණ්ඩුවට එරෙහිව අවංකව සටන් කරන්නේ කරූ විතරයි

රටේත් ජනතාවගේත් පැත්තේ සිටිමින් බිය නොමැතිව, අවංක හැගීමකින් සහ සාධාරණ ලෙස ජනාධිපතිවරයා ප්‍රධාන දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව මේ මොහොතේ ඍජුව සටන් කරමින් සිටින්නේ කරු ජයසූරිය මහතා සහ ඔහුගේ ප්‍රධානත්වයෙන් යුතු සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පමණක් යැයි නව සිහළ උරුමය පෙන්වා දෙයි. 

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සහ එහි සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතාගේ දේශපාලන මැදිහත් වීම සම්බන්ධයෙන් "lankanesweek" වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් මේ බව කියා සිටින නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා මෙසේ ද පවසයි.

දැන්වීම

"ඇත්ත වශයෙන්ම රටේත් ජනතාවගේත් පැත්තේ සිටිමින් බිය නොමැතිව, අවංක හැගීමකින් සහ සාධාරණ ලෙස ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවට එරෙහිව මේ මොහොතේ ඍජුව සටන් කරමින් සිටින්නේ කරු ජයසූරිය මහතා සහ ඔහුගේ ප්‍රධානත්වයෙන් යුතු සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පමණක් බව කිව යුතුයි. 

රට මුහුණ දී සිටින ආර්ථික, දේශපාලන, සමාජ සහ සංස්කෘතික අර්බුද පිළිබඳව විශාල හඬක් නගමින් ජනතාව එකම වේදිකාවකට පෙළ ගස්වමින් සිටින සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඒකාධිපති වියරුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, මානව අයිතිවාසිකම්, සමාජ සාධාරණත්වය, සාමය, යහ පාලනය, ජාතික-ආගමික සමගිය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, සමාජ ප්‍රතිසංස්කරණ, නීති ප්‍රතිසංස්කරණ, ජාත්‍යන්තර සබදතා සහ භූ දේශපාලන යථාර්ථය සම්බන්ධයෙන් සක්‍රීය මැදිහත් වීමක් කරමින් සිටිනවා.

එසේ තිබිය දී ආණ්ඩුවට එරෙහිව සියලු බලවේග සමග එකට ඒකරාශී වීම පසෙක තබා සිය පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර හෝ කුමන්ත්‍රණ මත තනි ආණ්ඩු පිහිටු වීමට සහ තනිවම ජනාධිපති වීමට රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ මෛත්‍රීපාල සිරිසේන ක්‍රියා කිරීමෙන් සිදු වන්නේ මේ ඒකාධිපති, දුර්දාන්ත සහ ජනතා විරෝධී ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවේ බලය තවත් වටයකින් යළි යළිත් තහවුරු වීමයි.

මේ රටේ තනිවම ආණ්ඩු පිහිටු වීමට, තනිවම ජනාධිපති වීමට සහ තනිවම ආණ්ඩු පෙරළීමට නොහැකි බව මේ නායකයින් නොදන්නවා නොවේ. එසේ නම් රට-ජනතාව වෙනුවෙන් සියලු බලවේග සමග එකට ඒකරාශී වීම මඟ හැර මේ නායකයින් තනිවම බුදු වන කතා කියන්නේ ජනාධිපතිවරයා ප්‍රධාන ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ කොන්ත්‍රාත්තුවකට අනුව ද..? විපක්ෂය භේද කරන්නේ ඒ නිසාද..? මේ අය ක්‍රියා කරන්නේ රට සහ ජනතාව වෙනුවෙන් ද, නොඑසේ නම් තමා සහ සිය පවුල වෙනුවෙන් ද..? මේ සියලු සාක්කි-සාධක-කරුණු සහ තර්ක විතර්ක ගළපා නිවැරදි තීරණයකට පැමිණීම ඔබ සතුයි."     

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න