අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආණ්ඩුවක් අවශ්‍ය නම් සංවිධානය අවශ්‍යයි

ආණ්ඩුවක් අවශ්‍ය නම් සංවිධානය අවශ්‍යයි

සමගි ජන සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සමග කළ සංවාධයකි. ප්‍රශ්නය - සමගි ජන සංධානය තුල ජාතික ලැයිස්තු පිලිබද ගැටළු තියනවාද? පිළිතුර - නැත. හෙම තියෙන්නත් බැහැ.…

සමගි ජන සන්ධානයේ  කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සමග කළ සංවාධයකි.    

ප්‍රශ්නය - සමගි ජන සංධානය තුල ජාතික ලැයිස්තු පිලිබද ගැටළු තියනවාද?  

පිළිතුර  - නැත. හෙම තියෙන්නත් බැහැ. අපේ  දමිළ ප්‍රගතිශීලි සංධානය හා සමගි ජන බලවේගය අතර අවබෝධ ගිවිසුමක් තියෙනවා. සමගි ජන සංධාන නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අපට ලිඛිතව පොරොන්දුව දීල තියෙනවා. සමගි ජන සංධාන මහ ලේකම් මද්ධුම බණ්ඩාර අත්සන් තබා පොරොන්දුව දීල තියෙනවා.  ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් අප වෙත ලබාදෙන බවට අවබෝධ ගිවිසුමක් තියෙනවා. 

ප්‍රශ්නය - ජාතික ලැයිස්තු නම් කිරීම තවමත් ප්‍රමාද වීමේ කාරණය කුමක්ද?

දැන්වීම

පිළිතුර  - එය තවමත් ප්‍රමාද වෙලා තියෙන්නේ, සජබ තුල සාමාජිකයින් අතර තියෙන බෙදා දීමේ සාකච්ඡාව තවම අවසන් වී නැති නිසා. ඉක්මනින් එම සාකච්ඡාව අවසන් කර, අපේ පක්ෂයට හිමි ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූරය අප වෙත ලබා දේවි කියල බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය - දමිළ ප්‍රගතිශීලි සංධානය තරග කල දිස්ත්‍රික්ක කුමක්ද? 

පිළිතුර - මහ මැතිවරණයේ දී, දමිළ ප්‍රගතිශීලි සංධානය,  දිස්ත්‍රික්ක 7ක තරග කරල තියෙනවා. අපි ඉදිරිපත් කළ අපේකයන් හරහා චන්ද 236,000ක් ලබා දී තියෙනවා. දැන් පවතින රැල්ල මැද මේ චන්ද ප්‍රමාණය විශිෂ්ටය. දමිළ ප්‍රගතිශීලි සංධානය, එක දිස්ත්‍රික්කයට පමණක් සීමාවුණ ස්වාධීන කණ්ඩායමක්‌ නොව. ජාතික ගමනක් තිබෙන ලාංකික පක්ෂයක්. සමහර උදවියට මේ දේශපාලන කරුණු මතක් වෙන්නේ නැ. පසුගිය  2020 මහ මැතිවරණයේ දී, අපි චන්ද 425,000ක් සමගි ජන සංධානයට ලබා දූන්නා. නමුත් ඒකාලේ අලුත් සංධානයක් වන සජබව තේරුම් අරගෙන, අපට හිමි වෙච්ච ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් අපි ඉල්ලූවේ නැ.   

  ප්‍රශ්නය - මෙවර ජනාධිපති  මැතිවරණයේ දී සමගි ජන සංධානය පරාජයට කාරණය කුමක්ද? 

පිළිතුර  - ජනාධිපති  මැතිවරණයේ දී, අපේ අපේක්ෂක සඡිත්ට  දමිළ ප්‍රගතිශීලි සංධාන විශාල චන්දයක් ලබා දුන්නා. කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු කොළඹ සිට අවිස්සාවෙල්ල වතු, කළුතර දිස්ත්‍රික්ක වතු ප්‍රදේශශවල, කෑගල්ලේ දැරණියගල, රුවන්වැල්ල,  යටියන්තොට වතු ප්‍රදේශශවල චන්දය දිනල දුන්නා. රත්නපුර නිවිතිගල, පැල්මඩුල්ල, ඛලන්ගොඩ වතු ප්‍රදේශශවල චන්දය දිනල දුන්නා. මහනුවර වතු ප්‍රදේශශවල චන්දය හරහා ගම්පල දිණුවා. නාවලපිටිය පොඩි චන්දයකින් පැරදුනේ. නුවර එළිය දිස්ත්‍රික්කයම සහ බදුල්ලේ වතු ආශ්‍රිත චන්ද දමිළ ප්‍රගතිශීලි සංධාන ලබා දුන්නා.  ඒ විතරක් නොවෙයි උතුරේ, යාපනය වන්නි ප්‍රදේශශවලට, මා ගිහින්ද දායකත්වය ලබා දුන්නා. මං ඒ හැම තැනම ගියා. මහන්සි වුනා. අපේ වැඩ අපි අකුරට කරා. නමූත් ජනාධිපති මැතිවරණයේ දී පැරදුන කාරණය පිළිබඳව වාර්තාවක්, කොටස්කාර පක්ෂ නායක විදිහට සමගි ජන සංධාන නායක සජිත්ට මම දැනටම 
ලබා දීලා  තියනවා. එවා මෙතන කියන්නට බැ. ඒවා මෙතන කියන එක  සදාචාරාත්මක නොවන වැඩක්. 

ප්‍රශ්නය - මහ මැතිවරණයේ දී පරාජයට කාරණය කුමක්ද? 

පිළිතුර  - ජනාධිපති ඡන්දයට පසුව රැල්ලක් ඇතිවන බව පුදුමයක් නොවේ. වැරැද්ද සිදුවුණේ ජනාධිපති මැතිවරණය දී බව අපි කවුරුත් පිළිගන්න ඕන. ජනාධිපති මැතිවරණය දී වැඩ නොකරපු අය වගකීම භාර ගන්න ඕන. වරද්දගත්ත ස්ථානය නිවැරදි වෙන්න ඕන. වැරැද්ද හදා ගන්න ඕන. සමහර ආසන සංවිධායකවරුන් වෙනස් වෙන්න ඕන. උන් සංධාන ගමන තේරුම් ගන්න ඕන. සමගි ජන සංධානය ආණ්ඩු බලය ගන්නට මේක තමයි කෙලින් පාර. “ශෝර්ට් කට්” මාවතක් නැත. 

ප්‍රශ්නය - සමගි සංධාන ගමන තවමත් වලංගු ද? 

පිළිතුර  - තේරෙන්නේ නැද්ද? සංධානය අනිවාර්යයෙන්ම ඉදිරියට යා යුතුයි. රටේ අනාගත දේශපාලන බලයක් ලබාගත යුත්තේ සංධාන දේශපාලන ව්‍යාපාරයක් හරහා තමයි.  වර්තමාන ආණ්ඩුව දිහා බලන්න. මේක NPP ආණ්ඩුව. ඒ JVP ය නෙවෙයි. වෙනස ඒකයි. සජස තුල සජබ බලවත් වීම ගැන අපට ගැටලු නැ. නමුත් ගමන සංධානය විය යුතුය. එපමණක් නොවෙයි පසුගිය පොහොට්ටුව, ඒ වගේම එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව. මේවා ඔක්කොම සංධාන ආණ්‌ඩු. එහෙම සංධානයක් නැතිව, ජනාධිපති, පාර්ලිමේන්තු මැතිවරණ, පමණ  නෙවෙයි, පලාත් සභා, පලාත් පාලන මැතිවරණ සදහාවත්  යන්න බැ. යා යුත්තේ සංධාන හරහායි. අපි එතැනයි ඉන්නෙ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න