ආණ්ඩුකාරවරු ජනපතිගෙන් ලිපියක් ඉල්ලති

ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වන්නැයි මෙතෙක් ජනාධිපතිවරයාගෙන් හෝ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත දැනුම්දීමක් කර නොමැති බව ආණ්ඩුකරු කියා සිටිති. ඒ අනුව ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වීමට මෙතෙක් තීරණයක් ගෙන…
ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වන්නැයි මෙතෙක් ජනාධිපතිවරයාගෙන් හෝ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත දැනුම්දීමක් කර නොමැති බව ආණ්ඩුකරු කියා සිටිති.
ඒ අනුව ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ, ඌව පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් සහ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව යන මහත්ම මහත්මීහූ කියති.
මෙසේ ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වන්නැයි දැනුම් දී ඇති බව දැන ගත්තේ මාධ්‍ය වාර්තාවලින් පමණක් බවත් මෙතෙක් ඒ පිළිබඳව නිල වශයෙන් දැනුම් දී නැති බවත් එනිසා ධූරවලින් ඉවත් වීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති බවත් එම ආණ්ඩුකාරවරු පවසති.