අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කිරීම නීතියේ ආධිපත්‍ය අභියෝගයට ලක් කිරීමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කිරීම නීතියේ ආධිපත්‍ය අභියෝගයට ලක් කිරීමක්

-ආචාර්ය ජෙහාන් පෙරේරා- පළාත් සභා ක්‍රමය සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවේම කොටසක් හෙයින් ඒ යටතේ පිහිටුවා ඇති පළාත් සභා ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීමක් බව ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ,…

-ආචාර්ය ජෙහාන් පෙරේරා-
 

පළාත් සභා ක්‍රමය සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවේම කොටසක් හෙයින් ඒ යටතේ පිහිටුවා ඇති පළාත් සභා ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීමක් බව ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ, ආචාර්ය ජෙහාන් පෙරේරා සඳහන් කළේය.  

ඔහු මේ බව කියා සිටියේ, පළාත් සභා මැතිවරණය 2025 වසරේදී පැවැත්විය යුතුව ඇත්තේ ඇයි යන මැයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ ජානකී හෝටලයේදී සංවිධානය කෙරුණු සංවාදයේ දී ය. 

ආචාර්ය ජෙහාන් පෙරේරා මහතා මෙහිදී පෙන්වා දුන්නේ ආණ්ඩුවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා නොකරනවා නම් රටේ නීතියේ ආධිපත්‍යක් නොමැති බව ඒ ක්‍රියාවලියෙන්ම ඉතා පැහැදිලි වන බවය. 

දැන්වීම

පළාත් සභා මැතිවරණය නොපවැත්වීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට චෝදනා එල්ල කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජෙහාන් පෙරේරා මහතා මීට පෙර පැවති ආණ්ඩු තුනම මෙම පළාත් සභා මැතිවරණය කල් දැමීමට පියවර ගත් බව ද සඳහන් කළේය.

“දැන් ඉතා බලවත් ආණ්ඩුවක් තිබෙනවා. සියලුම තීන්දු – තීරණ ඔවුන් විසින් තනිව ගන්නවා. ශ්‍රී ලංකාව වැනි බහුත්වවාදී රටකට මේ තත්ත්වය ගැළපෙන්නේ නැහැ. පළාත් සභා ක්‍රියාත්මක වුණා නම් මේ තත්ත්වය යම් තරමකට පාලනය වෙන්න ඉඩ තිබෙනවා” යැයි ද ජෙහාන් පෙරේරා පෙන්වා දුන්නේය.

පළාත් සභා ක්‍රමය නිර්මාණය කරන ලද්දේ ජාතික අර්බුදයට විසඳුමක් වශයෙන් බව අවධාරණය කළ ආචාර්ය ජෙහාන් පෙරේරා මහතා පළාත් සභා ක්‍රියාත්මක නොවීම මේ තත්ත්වය මත ඉතා හානි කර ප්‍රතිවිපාක ජනනය කරන බව ද සඳහන් කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න